කොළොම්පුර රාජධානිය-Kolompura Rajadaniya

Original price was: රු12,500.00.Current price is: රු11,250.00.

කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය.
සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම් වලින් ද අනූනය.
වර්තමාන කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයා ගත නොහැකිය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් මරණය කරා කැඳවා ගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ.
කොළොම්පුර රාජධානිය කෘතියෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය.
දශක තුනකට ආසන්න කාලයක් පුරා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් ලිපි ලේඛන, පොත් පත් සහ මෙතෙක් සිංහල බසට පරිවර්තනය නොවූ පැරණි මූලාශ්‍රයන් පරිශීලනය කිරීමෙන් මෙන්ම මෙරට සිටි සුප්‍රකට සහ විරල ගණයේ යුග පුරුෂයන් සමග කතුවරයා පෞද්ගලිකව කළ සංවාදයන්හි ශාස්ත්‍රීය ඵලයක් ලෙස බිහිවන මෙම කෘතියෙන් කොළඹ නගරයේ ඉතිහාසයේ සැඟවුණු යටගියාව විචිත්‍රවත් ලෙසින් අනාවරණය කෙරෙන්නේය.
කොළඹ නගරයේ ඉතිහාසය හරහා කොළඹ කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් දිවයිනේම සමාජ සංස්කෘතිය සහ භෞතික පරිසරයත්, රටේ දේශපාලන දිශානතියත් එමෙන්ම මෙරට ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප හා ජීවන රටාවන් පරිවර්තනයකට ලක් වූ ආකාරයත් කොළොම්පුර රාජධානිය කෘතිය ඔස්සේ දිග හැරෙන්නේ දුලබ ඡායාරූප සහ වර්ණවත් සිතියම් ද රැසක් සමගිනි.

1 in stock

SKU: Kolompura Rajadaniya Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “කොළොම්පුර රාජධානිය-Kolompura Rajadaniya”

Your email address will not be published. Required fields are marked *