SHOP
  • 20 % OFF

    රාම සීතා රාවණා කෘති එකතුව-Rama Seetha Ravana Collection

    Original price was: රු5,400.00.Current price is: රු4,320.00.

    කුමාර සිරිවර්ධන

  • 20 % OFF

    සර්ප උගුල-Sarpa Ugula

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    Victoriya Halt

  • 20 % OFF

    කළු ඕපල් මුදුව-Kalu Opal Muduwa

    Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

    මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.
    එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

  • 15 % OFF

    රාවණ-ආර්යවර්තයෙහි සතුරා-Ravana

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    ලංකාව කේන්ද්‍ර කොටගෙන වෙළෙඳ අධිරාජ්‍යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්‍යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය….
    වේදවතී ට ආදරය කළේය………
    මන්දෝදරී හා විවාහ වූයේය………
    සීතා ව පැහැරගෙන ගියේය ………..
    ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය.
    ගායනයේ, වාදනයේ, චිත‍්‍ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය.
    රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරුවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්‍ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?

  • 15 % OFF

    සීතා-මිථිලාවේ රණශුරිය-Seetha

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්‍යතාව මතුව තිබිණි.වායුපුත‍්‍රවරු ද මලයපුත‍්‍රවරු ද එවැන්නකු සොයමින් සිටියහ.
    කුඩා සහ කිසිසේත් ප‍්‍රබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු සහ රැුජන වෘකයන් රැුලකට මැදිවූ අතැර දැමුණු බිලිඳියක සොයා ගෙන එම බිලිඳිය හදාවඩාගත්හ.
    යොවුන් වියට පත් ඇය රණශූරියක වෙමින් මිථිලාවේ අගමැතිනී තනතුරට ද පත්වූවාය.
    ගැලවුම්කාරිය ඇය යැයි මලයපුත‍්‍රවරු විශ්වාස කළහ.
    එහෙත්… ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?

  • 15 % OFF

    රාම-ඉක්ෂ්වාකු අංකුරය-Raama

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    ඔහු උපන්නේ අභාග්‍යය තුරුලූ කරගෙනය යන්න බහුතරයකගේ විශ්වාසය වූයේය.
    එහෙයින්ම ”මනු වර්ෂ 7032 කැළල” යන අන්වර්ථ නාමය ද ඔහු විසූ සමාජය විසින් ඔහුට ලබා දුන්නේය.
    එම සමාජය දුෂ්‍ය එකක් වූ අතර එය පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විශ්වය හෝ දෛවය හෝ ඔහු ඉදිරියේ තබා තිබිණි
    නොපැකිළ හෙතෙම එම අභියෝගය බාර ගත්තේය.
    එහෙත් පරිපූර්ණත්වය සඳහා ඉහළ මිලක් ද ගෙවිය යුතු වූයේය.
    මේ එම ඉහළ මිල ගෙවූ රණශූරයා වූ,
    රාම රාජ්‍යය තැනූ ප‍්‍රභාසම්පන්නයා වූ
    රාම ගේ කතාවයි.

× Whatsapp Us