SHOP
  • අවසාන නාසියා-Awasan Nasiya
    20 % OFF

    අවසාන නාසියා-Awasan Nasiya

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    2 වැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වූ පෝලන්තයේ Auschwitz හි කඳවුරු දොස්තර වුයේ Josef Mengele. Auschwitz හි සිදු කල මිනිස් ඝාතන ලක්ෂ 4කට පමණ වග කිවයුත්තේ මොහු බව පැවසේ. එසේම සිය ඊනියා වෛද්‍ය පර්යේෂණ සඳහා ඔහු යුදෙව්වන් සිය ගණනකට කුරිරු වධ හිංසා පැමිණවීය.
    දෙවන ලෝක යුද්ධයෙන් නාසින් පරාජය වූ පසු රහසින් පලා ගිය ඔහු දකුණු ඇමෙරිකාවෙ රහස් ජිවිතයක් ගත කර 1979 බ්‍රසීලයේදී දිය නාන්නට ගිය විටෙක ලිස්සා වැටිමෙන් මරණයට පත්විය.

    ඔහු සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙන්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන් ගෙන් හා දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධ වලට උපකාර කල වුන් ගෙන් එකතු කරගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත…

  • හිට්ලර් ඊවා අමරනීය ආදරය-Hitler Eva Amaraneeya Adaraya
    15 % OFF

    හිට්ලර් ඊවා අමරනීය ආදරය-Hitler Eva Amaraneeya Adaraya

    Original price was: රු900.00.Current price is: රු765.00.
  • පොළොව රඳන තැන 02 - Polowa Randana Thena 02
    15 % OFF

    පොළොව රඳන තැන 02 – Polowa Randana Thena 02

    Original price was: රු2,900.00.Current price is: රු2,465.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • ෆා දූපතේ සිටුවරයා-Fa Dupathe Situwaraya
    10 % OFF
    Sold out!

    ෆා දූපතේ සිටුවරයා-Fa Dupathe Situwaraya

    Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

    මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන් විවෘත වන්නට පටන් ගත්තේය.

  • සත්දෙනෙක් නම් රහසක්-Sath Denek Nam Rahasak
    20 % OFF
    Sold out!

    සත්දෙනෙක් නම් රහසක්-Sath Denek Nam Rahasak

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    “රහස්! මම සෑමතැනම රහස් සොයමින් සිටියෙමි.”
    ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරීකා හාපර්ස් ග්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී, ඕ සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ පෙර ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු නංගි ෆ්ලෝරා වැනි හාපර්ස් ග්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
    එසේ වූවද, ෆ්‍රෙඩරීකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුම හමුවේ විනාශ විය. ක්‍රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙන ඇය අතීත සහ වත්මන් රහස්වල අවතාරයක් සිය බියජනක සෙවණැල්ලෙන් ඇගේ හදවත අඳුරු කරන, අමුතු ලොවක තවත් ගැඹුරට ගමන් කළාය.
    ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදු වූයේ කවර අචින්ත්‍ය ඛේදවාචකයක්ද? මක් නිසාද යත්, අවසානයේ, ප්‍රේමයට සහ සත්‍යයට ජය ගත හැකි වූයේ මුනිවතෙහි කුමන්ත්‍රණය බිඳ දැමූ පසු පමණකි.

  • Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ
    15 % OFF

    Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

    හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

    එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

    දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

  • අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru
    10 % OFF
    Sold out!

    අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    මගේ බිරිඳ මිය ගියත් ඈ තවමත් මා තුළ ජිවත්වෙමින් සිටිනවා.

    ඔහු මෙසේ පවසද්දි මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.

    ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩූ කදුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේයැයි සිතමිනි.

    ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

  • ඔලිවර් ට්විස්ට්-Oliwar Twist
    30 % OFF

    ඔලිවර් ට්විස්ට්-Oliwar Twist

    Original price was: රු1,800.00.Current price is: රු1,260.00.

    ඉංගී‍්‍රසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී කි‍්‍රයාවන් මෙන් ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත‍්‍රණය වෙයි.

  • එයාර්පෝට්-Airport
    20 % OFF

    එයාර්පෝට්-Airport

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • ඇතීනාගේ සළකුණ-Atheenage Salakuna
    30 % OFF
    Sold out!

    ඇතීනාගේ සළකුණ-Atheenage Salakuna

    Original price was: රු2,250.00.Current price is: රු1,575.00.
  • සොල්ට්මාෂ් අබිරහස - Saltmash Abirahasa
    15 % OFF

    සොල්ට්මාෂ් අබිරහස – Saltmash Abirahasa

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
    අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
    පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රූත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමච්චලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
    අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
    ඒ එකම ඝාතකයාද?
    නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

  • සැබෑ මිනිසෙකුගේ කතාවක්-ගොඩගේ-Sebe Minisakuge Kathawak Godage
    16 % OFF

    සැබෑ මිනිසෙකුගේ කතාවක්-ගොඩගේ-Sebe Minisakuge Kathawak Godage

    Original price was: රු950.00.Current price is: රු800.00.
  • 20000 ක සවාරියක්-20000 Ka Sawariyak
    30 % OFF

    20000 ක සවාරියක්-20000 Ka Sawariyak

    Original price was: රු1,000.00.Current price is: රු700.00.

    මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත. මුල් කෘතිය හා කතෘ :20000 Miles/ Christopher Fenwick පරිවර්තන කෘතිය : 20000 ක සවාරියක් පරිවර්තක : මනෝ ප්‍රනාන්දු

  • ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු-Sri Lankawe Landesi Balakotu
    10 % OFF

    ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු-Sri Lankawe Landesi Balakotu

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    දෙවන ලෝක සංග්‍රාමයට පෙර, තමන් කොළඹ නගරයේ වරලත් ගණකාධිකාරි වරුන්ගේ ආයතනයක සේවය කරමින් සිටි වකවානුවෙහි දී, ඩබ්ලියු. ඒ. නෙල්සන් මහතා විසින් මෙම ලන්දේසි බලකොටු පිළිබදව සකස් කොට සංග්‍රහ කරන ලද THE DUTCH FORTS OF SRI LANKA නම් මහැගි ග්‍රන්ථය ශ්‍රී ලංකා ඉතිහාසයෙහි බොහෝ දුරට ගිලිහී ගිය පරිච්ජේදයක වැදගත් තොරතුරු අව ඉදිරියෙහි දිග හරියි. මුල් ග්‍රන්ථය හා කතෘ : The Dutch Forts of Sri Lanka/ W. A. Nelson පරිවර්තන ග්‍රන්ථය : ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු පරිවර්තක : නිස්සංක පෙරේරා

  • දෙවියෝ සහ භූතයෝ-Dewiyo Saha Buthayo
    10 % OFF
    Sold out!

    දෙවියෝ සහ භූතයෝ-Dewiyo Saha Buthayo

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

  • මා කළ ගවේශණ-Ma Kala Gaweshana
    10 % OFF

    මා කළ ගවේශණ-Ma Kala Gaweshana

    Original price was: රු650.00.Current price is: රු585.00.
  • බ්‍රොන්ටේ සොයුරියෝ-Bronte Soyuriyo
    20 % OFF

    බ්‍රොන්ටේ සොයුරියෝ-Bronte Soyuriyo

    Original price was: රු950.00.Current price is: රු760.00.

    මෙතෙක් බිහිවූ වඩාත් ප‍්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේ‍්‍ර (ඈන්* ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්–වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත. මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු සංරක්‍ෂිත ඡුායාරූප බ්‍රොන්ටේ රසිකයන් විස්මයට පත් කරවන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත්දැකීම්, ඇගේ චරිතාපදානය ලියූ නවකතාකාරිය වන එලිසබෙත් ගෑස්කල් දැන හඳුනා ගැනීම ඇතුළුව ඇගේ පුද්ගලික තොරතුරු මෙහි වැඩි වශයෙන් නිරාවරණය කර ඇත. 19 වන සියවසේ කාන්තා ලේඛිකාවන් සඳහා වූ සන්දර්භය සහ බ්‍රොන්ටේ සහෝදරියන් අන්වර්ථ නාමයන් යටතේ පමණක් සිය කෘති ප‍්‍රකාශයට පත් කිරීමට හේතු වූ කරුණු ද මෙහිදී විමසා බැලෙයි. එමෙන්ම ඈන් සහ චාලට්, චාලට්ගේ ප‍්‍රකාශකයාට තම අනන්‍යතාව හෙළි කළ හමුවීම පිළිබඳ අපූරු විස්තරයක් ද, සහෝදරියන්ගේ නවකතාවල කෙටි, ප‍්‍රධාන සාරාංශ කීපයක් ද, සැබෑ ජීවිත අත්දැකීම් ප‍්‍රබන්ධයක් බවට පරිවර්තනය වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල්වෙන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන ප‍්‍රබන්ධකරණයේ විශිෂ්ට පුරෝගාමීන්වූ බ්‍රොන්ටේ සහෝදරියන් දෙස හෙලන ආකර්ෂණීය බැල්මකි.

  • මොනර පිලේ ශාපය-Monara Pile Shapaya
    20 % OFF
    Sold out!

    මොනර පිලේ ශාපය-Monara Pile Shapaya

    Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

    ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකියx අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

  • කටු කුරුළු හඩ-Katu Kurulu Handa
    30 % OFF

    කටු කුරුළු හඩ-Katu Kurulu Handa

    Original price was: රු1,480.00.Current price is: රු1,036.00.

    යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘ කටු කුරුළු හඩ ‘ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි. දේවත්වයටත්, මනුශ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී. “මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා” ඒ මැගීගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැගවුණු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇතද? මුල් කෘතිය හා කතෘ : Colleen McCullough / The Thorn Birds පරිවර්තන කෘතිය : කටු කුරුළු හඩ පරිවර්තක : අනුල ද සිල්වා

  • කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi
    10 % OFF

    කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    පරිවර්තනය මහේෂි වීරකෝන් පිටු 662

  • පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada
    10 % OFF
    Sold out!

    පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada

    Original price was: රු900.00.Current price is: රු810.00.
  • රජවරුන්ගේ ශාපය-Rajawarunge Shapaya
    20 % OFF
    Sold out!

    රජවරුන්ගේ ශාපය-Rajawarunge Shapaya

    Original price was: රු2,220.00.Current price is: රු1,776.00.

    කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද ආශ්චර්යයක් විය. ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වූ ඊජිප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බදුය. එහෙත් ඒ සැබෑවූ සිහිනය මහා භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ නැත. අලුත් පාරාවෝ සොහොන්කොතක් ගවේෂණය කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැගවී ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම් ඊටත් වඩා රුදුරු, අදුරු බලවේගයක් නිසාද..?

  • ලිට්ල් හවුස් පොත් කට්ටලය - Little House Book Series
    20 % OFF

    ලිට්ල් හවුස් පොත් කට්ටලය – Little House Book Series

    Original price was: රු11,010.00.Current price is: රු8,808.00.

    Laura Ingalls Wilder විසින් රචිත ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද පරිවර්තනය කළ “Little House” කතා මාලාවේ – පරිවර්තන පොත් කට්ටලය (පොත් 10). වන අරණක කුඩා නිවස තැනිතලාවේ පිහිටි කුඩා නිවස මිදි ඔය අසබඩ රිදී විල් තෙර සීතලෙන් සීත වුණ සීත සමය තැනිතලාවේ පිහිටි කුඩා නගරය මේ මිහිරැති සොඳුරු සමය පළමු සිව්වසර ගෙදර යන අතරමග අල්මන්සෝ පුංචි ගොවියා

  • මේඩ්න්ස් - Maidens
    10 % OFF

    මේඩ්න්ස් – Maidens

    Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

    ‘මේඩ්න්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.

    කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
    වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇයගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.
    ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානා හට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
    ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
    මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
    සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

  • ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya
    15 % OFF
    Sold out!

    ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.
  • කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell
    20 % OFF

    කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

    පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ. ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය. “මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි..

  • දඩයක්කාරයාගේ හෝරාව-Dadayakkarayage Horawa
    10 % OFF
    Sold out!

    දඩයක්කාරයාගේ හෝරාව-Dadayakkarayage Horawa

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
  • සේද වෛරය-Seda Wairaya
    10 % OFF

    සේද වෛරය-Seda Wairaya

    Original price was: රු1,580.00.Current price is: රු1,422.00.
  • අභිරහස් ළඳ-Abirahas Landa
    10 % OFF
    Sold out!

    අභිරහස් ළඳ-Abirahas Landa

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
  • මයුරාගේ අබිමන-Mayurage Abimana
    10 % OFF
    Sold out!

    මයුරාගේ අබිමන-Mayurage Abimana

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.
  • මෙලින් මැඳුරේ පාලිකාව-Melin Medure Palikawa
    10 % OFF
    Sold out!

    මෙලින් මැඳුරේ පාලිකාව-Melin Medure Palikawa

    Original price was: රු1,000.00.Current price is: රු900.00.
  • සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා-Sonduru Medura Menfreya
    10 % OFF

    සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා-Sonduru Medura Menfreya

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.