Showing 1–32 of 154 resultsSorted by latest





“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”
“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”
“තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!”







සිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්‍යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටන් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධීන ජීවිතය ගොඩනඟාගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රයිල් කින්කේඩ් මුණගැසීමත් හා සමඟ සියල්ල වෙනස් වේ. ප්‍රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත
ඇද-බැඳගැනීමට ලිලී සමත් වන්නීය.
එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදුවෙමින් පවතින විට, ලිලීගේ අතීතය ඇයට යළි සිහිගන්වමින් ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළදැමූයේ යැයි ලිලී සිතූ හැඟීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි.
සියලු ගැටලු මධ්‍යයේ පවා ආදරයේ, ස්වශක්තියේ සහ වේදනාවේ සංකීර්ණතා සියල්ලට මුහුණපෑමට ඇයට සිදුවේ. ඒ අතරම, අනාගතය ගොඩනැඟීමට නම්, අතීතය අත්හළ යුතු බව ඇය ඉගෙනගනියි.
හද සසල කරවන, සංවේදී කෘතියක් වන It Ends with Us හරහා ආදරය, ජීවිතය සහ විෂම චක්‍රවලින් නිදහස් වීම පිළිබඳ අපූර්ව කතාන්දරයක් දිගහැරේ.

සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප්‍රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය.
එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය.
සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි.
පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ විට මේ සියල්ල උඩුයටිකුරු වී යන්නට ගතවන්නේ එක් නිමේෂයකි.
මෙකී ඝාතනයට සැකපිට ඇඩම් මෝර්ගන්ව අත්අඩංගුවට ගනු ලැබූ පසු, සාරා මෝර්ගන්ට සිය ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක නඩුවට සැරසෙනු හැරෙන්නට වෙන විකල්පයක් නොවිණ.
ඇඩම් මෝර්ගන්… කෙලී සමර්ස්ට රහසින් පෙම් කළ බවට, ඇය සිය අනියම් පෙම්වතිය කරගත් බවට වරදකරුද? ඔව්!
එහෙත් ප්රශ්නය එතෙකින් නිමා නොවේ.
ප්රශ්නය… ඇඩම් මෝර්ගන්, කෙලී සමර්ස්ව මරාදැමුවාද?

ඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.
තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.
දූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.
එහෙත් ඒ ප්රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.
බලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?
අත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද?

කාශ්මීරයේ රෝසබල්හි හිමෙන් වැසීගිය සොහොන් ගෙයක තැන්පත් කර තිබී ඉපැරැණි සිරුරක් සොයාගැනෙයි. මුළු ඉතිහාසයම වෙනස් කළ හැකි අබිරහස් ලේඛනයක් හෙළිදරව් වීම වළක්වන්නට ලොව අස්සක් මුල්ලක් නෑර වෙහෙසෙන රහස් සංවිධානයක් ඒ ගැන උනන්දු වෙයි. අමෙරිකානු ජාතික අනාගතවාචක සිහින දකින ඔහුත්, යෝග ශාස්ත්රයේ අගපැමිණි ඇයත්, අනුකම්පාවිරහිත ජපන් ජාතික දාමරික සුන්දරියත් අතර ඇත්තේ කවර නම් සම්බන්ධයක්ද?
අශ්වින් සංගී, රෝසබල් ලයින් මවන්නේ ආගමික මිථ්‍යා කතා, පුරාණ විශ්වාස, නූතනයේ ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය විස්මිත කුතුහලයකින් එකට මුහුකරමිනි. ජෙරුසෙලම, ලන්ඩනය හා ඉන්දියාව පමණක් නොව, මුළු ලොවපුරා බොහෝ බිම් පීරා ඇදෙන මේ ඓතිහාසික ත්‍රාසජනක නවකතාව අන්තයේදී ඔබෙන් අසන්නේ එක් පැනයකි. (සැබැවින්ම ජේසුතුමන් ඉන්දියාවේ වැඩසිටියේද?)
අශ්වින් අභියෝග කරන්නේ ඔබේම දැනුමටය.

ධ්‍රැවීය කලාපයේ, කෘත්‍රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ‘දෙව්ලොව’ නම් ජනාවාසයකි. දිව්‍ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත්‍යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ ‘සම’ නම් තැනැත්තාය.
හෙතෙම දෙව්ලොවේ ආධිපත්‍යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් ‘අධිවේගකාරී සංකල්පය’ යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ.
එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, ‘රැය’ නම් දේවතාවියගේ ආරාමයේ සිදුවන අධි තාක්ෂණික ක්‍රියාන්විතය කුමක්ද? එය සිදුකරන්නේ කවුරුන්ද? ඒ කුමන කරුණක් අරබයාද? දෙව්ලොවට හා මිනිස් සංහතියට එහි ඇති බලපෑම කුමක්ද?
අද්භූත හැඟීමක් තීව්ර කිරීමේ අභිප්‍රාය සහිතව මේ විප්ලවවාදියාගේ අන්තර්සංක්රමණයේ සිට රතු පක්ෂියාගේ සිව් ආකාර පුරාවෘත්තයන් දක්වා කතාවස්තුව පෙළගස්වමින්, විද්‍යා විචිත්‍ර කල්පිතයක් ඉන්ද්‍රජාලික අයුරින් නිර්මාණය කිරීමේ සීලස්නිගේ සාර්ථක බව ‘Lord of light’ ග්‍රන්ථය මනාව විදහා දක්වයි.

‘මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන්‍ය කලා නිර්මාණයක් ප්‍රදර්ශනයකදී හමුවේ!’
සුප්‍රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරිකරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් විය.
වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග්‍රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත්‍රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද?
වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම සිදුවීම් පෙළේ සාමාජිකයෙකු බවට පත්විය හැකිව තිබිණි!

මුළුමහත් ධ්‍යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී, ඒ වෙනුවෙන් අසුර ධ්‍යානවේදී මාර්ගය තෝරාගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි. සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම වීරයා වෙනුවෙන් ප්රශස්ති ගයමින් හිඳි සමයක පවා, ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස, ලන් වංජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප්‍රසාදය පළකරමින්, වෙයි වූෂියැන්ව ගූසු ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන්, පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස හඹා එමින්, ඔහුගේ අනන්‍යතාවය ලෝකයට හෙළිදරව් කළ මොහොතේ ලෝකයම ඔහුට එදිරිව නැඟී, ලෙයට ලෙය ඉල්ලා සිටිද්දී, එකම මිනිසෙකු පමණක් වෙයි වූෂියැන්ගේ පසෙකින් සිටගනියි.
සිය කීර්තිනාමය, කුල ගෞරවය ආදි කිසිත් නොතකා තමා වෙනුවෙන් නැඟීසිටින ලන් වංජි දකින වෙයි වූෂියැන්ගේ සිත පෙර නොවූ විරූ අයුරින් කැලඹේ. තමා අතීතයේදී මෙම ගූසු ලන් වංශිකයා පිළිබඳ සිතා සිටි සියලු දෑ පිළිබඳ නැවත සිතාබලන්නට වෙයි වූෂියැන් පෙලඹෙයි.

” ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේද ?”
” ඔව් එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියනවා ස්කැවේග් විල පැත්තට . ඒ අය දැකලා තියනවා බ්ලාවන් මුදුනට භාගයක් විතර දුරින් ලොකු ගින්නක් . රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුවම දැකලා තියෙන්නේ.ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදියට පත්තු වෙන බව”
ඔහු නැවතත් දිලිසෙන විල දෙස බැලුවේය.
” එයාලා දැකලා තියනවා උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්.වේලුණු දර කෝටු,බර්ච්, හෙදර් වගේ ඒව ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා.පිච්චිලා අලුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.
දෙවෙනි එළිසබෙත් මහ රැජිනගේ අභිෂේක මංගල්‍යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති විසිවැනි සියවසේ මැද භාගයේ මහා බ්‍රිතාන්‍යයේ තිබූ සමාජ තත්වයන් සහ ජීවන රටාවන්ද පිලිඹිබු කරන මෙම කතාව කියවූ පසු කන්ද මත බිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන් දැයි දැනගන්නට ඔබට හැකිවනු ඇත.

සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම,
ඔහු ගෙන යන සටන ත්රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!

ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජිවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ.
හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ්‍යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ.
එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත්‍රාවකින්, ස්වර්ගයට ප්‍රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත්‍යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ්‍යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට – හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් – දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප්‍රතිඵලය ඉතා ක්ෂුද්‍ර වූ බවය.
පරාජය අබිමුව, තමාගේම ජනතාව විසින් පිටුපානු ලැබ ප්‍රතික්ෂේප වනවිට, ෂිළු ලියාන් සමීපයෙහි රැඳෙනුයේ වෙළුම්පටිවලින් මුහුණ සඟවාගත්, ස්ථිරසාර පක්ෂපාතීත්වයකින් හදවත පුරවාගත් එක් ළාබාල සෙබළෙකු පමණි.
ඉදින් මේ වියවුල් සහගත අතීතයේ, අචින්ත්‍ය වූ විනාශයන්ගේ භස්මාවශේෂ අතුරින්, නොබිඳෙන, නොසැලෙන බැඳීමක පළමු අංකුර දලු ලා නැගිය හැකිද?


1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්‍ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ප්පන් ජාතික උද්‍යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය.
දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිනා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වාගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ.එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඞ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය. ඒ සමඟම ජීවිතයේ පසුභාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.

හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතරින් පැරණිතම මහා කාව්‍යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි

රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
*මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
*සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
*සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.

ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළුෑ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. සැඳෑ හිරුරැස් අප ඉදිරියේ වු තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පඳුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලක්ෂ්මීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත. හිරුගේ විසිරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.

විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ “අපරාජිතෝ” නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .
ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.

සොලමන් රජුගේ දෙවොල
පරිවර්තනය
මානෙල් කරුණාතිලක
“ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”
මාස්ටර් හිරාම්
“තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”
සොලමන් රජු
“දඩයක්කරුවාට එකම ගොදුර දෙවරක් වරදින්නේ නැහැ.සොලමන් ඔබව මරා දමාවි මගේ කුමරුනි.”
කාලෙබ්
“මා සෙවනැල්ලටත් වඩා නිහඬව ඉන්නම්. හිරු රශ්මියට වඩා විනිවිද පෙනෙන්නම්. ශරත් ඍතුවේ සුළඟට වඩා සුවඳවත් වෙන්නම්, මගේ රජුනි.”
පාරාවෝ දියණිය, නග්සාරා.
“මේ කෝප්පයට දෙව්ලොවෙන් හෝ මහපොළොවෙන් නොලැබුණු වතුර දමා මට දෙන්න රජතුමනි.”
ෂෙබා රැජින, බැල්කිස්