SHOP
  • 20 % OFF

    නීල වර්ණ-Neela Warna

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    මමයි මගේ නංගි, අනූජායි දෙන්නම

    ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට…

    ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවැසියාට…
    එයාගෙයි මගෙයි ආදරේ අසම්මතයි.
    එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි.
    ඒත් සම්මතයි කියන ආදරයකුයි,
    අසම්මත ආදරයකුයි අතර වෙනස මොකක්ද?
    ඒ ආදරේ අහිමි වුණාම දැනෙන වේදනාවෙ
    වෙනසක් තියෙනවද?
    කවුරුහරි මට ඒක කියාදෙන්න.
    —-මං තනායි—

  • 20 % OFF

    පෝල්ගේ ලෝකය – Paul’s World

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    “රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?
    මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?
    මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?
    රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?

  • 20 % OFF

    රියානාගේ ලෝකය – Riana’s World

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    සිඩ්නි උසස් පාසැලේ අධ්‍යාපනය ලබන පෝල් රෙනෝල්ඩ්ස් අදිසි සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසින් විවර වූ මායා දොරටුවකින් සමාන්තර ලෝකයක් කරා පිවිසීමෙන් කථා මාලාව ආරම්භ වෙයි. අදිසි දොරටුවෙන් ඇතුළු වූ පෝල් පිවිසෙන්නේ කාර්මික විප්ලවය ඇස නොගැටුණු ඉතා ප්‍රාථමික මට්ටමේ දිවි පෙවතක් ගෙවන වැසියන් පිරිසක් ජීවත්වෙන සමාන්තර ලෝකයකටයි. මේ ලෝකයේ වෙසෙන සුළු පිරිසක් අත පමණක් යම්කිසි මට්ටමක දියුණු තාක්ෂණික භාවිතාවක් තිබේ. ඒ සුළු පිරිස ‘මායා බන්ධකයින්’ ලෙසින් හඳුන්වනු ලබයි. මායා බන්ධකයින් තමන් සතුව ඇති තාක්ෂණ උපයෝගි කරගෙන බහුතර වැසියන් පාලනය කරනු ලබයි. සාමාන්‍ය වැසියන් ට නව දැනුම ගවේශනය කිරීම හෝ අත්හදා බැලීම සපුරා තහනම් ය. ඒ තහනමට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් හිමිවෙන අතර ඔවුන් දුෂ්කර මුඩුබිම් කරා පිටුවහල් කිරීමද මායා බන්ධකයින් විසින් සිදුකරනු ලබති.

    සමාන්තර ලෝකයේදී පෝල් ට එරට ස්වදේශික යුවතියක වූ රියානා ව හමුවෙයි. මායා බන්ධකයින් ගේ තාඩන පීඩන හමුවේ පෝල් සහ රියානා ගැලවී සිටින්නට දරන උත්සාහය මෙහිදිදැකගත හැකිය. ඒ සඳහා පෝල් තමා සතුව ඇති විද්‍යා සහ තාක්ෂණික ඥාණය නොමදව උපකාර කර ගනියි. ඒ අතර අතුරුදහන් වූ සිය මිතුරා වූ පෝල් නැවත ගෙන්වා ගැනීමට ඔහුගේ උසස් පාසැලේ මිතුරන් නොකඩවාම උත්සාහ කරති.

    ළමා කාලය රසවත් කල අතිශය ජනප්‍රිය රුපවාහිනි කතා මාලාවක සිංහල පරිවර්තනය ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් මහතාගේ පරිවර්තනයක් ලෙසින්.

  • 20 % OFF

    එකට එක – Ekata Eka – The Happy Family

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    “මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
    ඒ එදා උදේම මට ආපු ඇමතුම…

    මං මුහුණුපොතට ගියා…

    දෙයියනේ…
    මගේ නිරුවත් පින්තූරයක්…

    ඒත් එක්කම තව ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!

    ඇත්තමයි,

    මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…

    ඒත්…
    ඒ මමමයි.

    මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

  • 20 % OFF

    මකර රජ දහන – Makara Raja Dahana

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    මෝගන් පවුලේ සාමාජිකයින් මෙවර ගිම්හාන නිවාඩුව ගත කරන්නේ වනගත පෙදෙසක ඉඳිවූ කඳවුරක ය.ඒකාකාරි කඳවුරු ජිවිතයෙන් හෙම්බත්ව සිටින 15 හැවිරිදි කැතී මෝගන් හට අමුතු හැඩයේ බෝට්ටුවක් දක්නට ලැබෙයි. බෝට්ටුවට ගොඩවෙන ඇය නොසිතූ ආකාරයෙන් සමාන්තර ලෝකයක් කරා කාල තරණය කරයි. කාලතරණ බෝට්ටුව නිර්මාණය කළ මෙක් ද ඇය සමඟ සිටියි. ඔවුන් මුලින්ම ගමන් කරන්නේ මායාබන්ධකයින් ගේ ලෝකයටයි. එහිදී ඔවුන් ට වහල් කඳවුරක දඬුවම් විඳින අනුකම්පා විරහිත මායාබන්ධිකාව වන ආශ්කා හමුවෙයි. ඉනික්බිති කැතී, මෝගන් සහ ආශ්කා
    ආපසු කාලතරණය කොට මෙක් ගේ ලෝකය වන මකර රජදහන කරා පැමිණෙති.

    මකර රජදහන පාලනය කරන්නේ දස හැවිරිදි මකර අධිරාජයා වන සන් විසිනි.

    ආශ්කා මකර රජදහන සිය පාලනයට නතු කරගනියිද ? සන් ගේ පාලනයට අභියෝග කරන ම්ලේච්ඡ කැරැළිකාර ෂාරක් මකර රජදහන යටත් කරගනියි ද ?

    මේ සියලු අභියෝගයන් පරාජය කිරීමට කැතී මෝගන් ට සහ මෙක් ට හැකිවෙයි ද ?

  • 20 % OFF

    දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya

    Original price was: රු2,050.00.Current price is: රු1,640.00.

    මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

    ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

    ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න

    පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න

    මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…

    අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.

    ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.

    ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

  • 10 % OFF

    මැදියම් රෑ පුස්තකාලේ-Mediyam Re Pusthakale

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    නෝරා සීඩ්ව ඔබට මුණගැසෙන්නේ 2020 වර්ෂයේ පළවූ The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය ලෙසයි. The Midnight Library ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූ (bestseller), fantasy, sci fi ගණයේ නවකතාවකි. බ්‍රිතාන්‍ය යේ BBC ගුවන් විදුලිය විසින් මේ කතාව ඇසුරෙන් ගුවන් විදුලි නාටකයක් ද නිර්මාණය කළේ ය. මෙය තවත් ජනප්‍රිය කෘතීන් ගණනාවම කතුවරයා වන බ්‍රිතාන්‍ය ජාතික Matt Haig විසින් රචනා කරන ලද්දකි.

  • 15 % OFF

    දේව අසිපත – Dewa Asipatha

    Original price was: රු1,750.00.Current price is: රු1,487.50.

    විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?

    දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?

    සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?

    ඔවුන්ට එය සොයාගත හැකි වේද?

    තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?

    මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?

  • 15 % OFF

    නවරෝන් මෙහෙයුම – Navaron Meheyuma

    Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

    නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බලඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බලකොටුවකි. එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළ ගැසෙන බ්‍රිතාන්‍ය බට පිරිසක් සටන් වදිති. මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීම ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළ ගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බලකොටුවෙහි වන යෝද අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද ? වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයින් දහස් ගණනකගේ සිත් ඇද බැඳ තබා ගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමුදැහැ ගන්වනසුලු කතා පුවතකි!

  • 15 % OFF

    සිතුවමක රැඳි රහසක්-Sithuwamaka Rendi Rahasak

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.

    මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.

    එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!

    ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.

    මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?

  • 10 % OFF

    බිසෝ උරුමය-Biso Urumaya

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

    වජ‍්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ‍්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
    ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
    මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
    බිසෝ උරුමය- වජ‍්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත‍්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත‍්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.

  • 15 % OFF

    අසු පිට නැගි යක්ෂයා-Asu Pita Negi Yakshaya

    Original price was: රු1,750.00.Current price is: රු1,487.00.

    යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි.
    ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි.
    ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප‍්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය.
    නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප‍්‍රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක‍්‍රමය ඈ බිය ගැන්වීය.
    සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතටවත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද?
    ඔහුගේ අවජාතක පුත‍්‍රයා ඉට්යෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ කුමක් හෙයින්ද?
    ගොවි පවුලකට දාව උපන් නමුත් මන්දිරයේ හැදී වැඩුණු ලියෝන් සඟවා ගෙන සිටි රහස කුමක්ද?
    එ් සියල්ලටම වඩා ඈ බිය ගැන්වූයේ යක්ෂයා සම්බන්ධයෙන් වූ ප‍්‍රදේශ වාසීන්ගේ කසු කුසු ගෑම්ය.

  • 15 % OFF

    Ohuge Mathaka Handa Rende-ඔහුගේ මතක හද රැඳේ

    Original price was: රු1,950.00.Current price is: රු1,657.50.

    “මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ.”

    ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවී යමින් තිබෙන්නේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස් වීමට එවන් ප්‍රීතිමත් රාත්‍රීන් පවා ප්‍රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත්‍රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.

    ඒ රාත්‍රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය.

    නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ.

    එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි.

    ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට වෛර කරන්නා වූ, වේදනාවෙන් මිරිකුණු මිනිසුන්ගෙන් පිරි නගරයටය.

    ඔහුගේ මතකයන්ගෙන් පිරීගිය නගරයටය.

  • 15 % OFF

    මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) – Map of Bones (Sigma Force, #2)

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

    වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

  • ගිරය-සිංහල-Giraya Sinhala

    රු1,450.00
  • 15 % OFF

    දිව්‍යාශිංසන 02 – Diwyashinsana 02

    Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

    සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු‍ ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.

    එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.

    මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු‍ භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.

    එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.

  • 15 % OFF

    දිව්‍යාශිංසන 01 – Diwyashinsana 01

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
    එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
    මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද?

  • 15 % OFF

    අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #2 – Adhamayage Athmarakshaka Paddhathiya #2

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.

    කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.

    නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.

  • 15 % OFF

    අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1-Adhamayage Athmarakshaka Paddhathiya 01

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’

    ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මග නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමග මියගිය ඔහු අනතුරුව කුඩා ලූඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්ඡුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.

    නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.

  • 15 % OFF

    අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02-Aura Dynawedaye 02 – MO DAO ZU SHI #02

    Original price was: රු2,350.00.Current price is: රු1,997.50.

    විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.

  • 15 % OFF

    අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1-Asura Dyanawedaye 01 – MO DAO ZU SHI #01

    Original price was: රු2,350.00.Current price is: රු2,000.00.

    වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි. සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද? ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

  • දකින්න වෙනස්ව ජීවිතය-Dakinna Wenaswa Jeewithaya

    රු1,000.00
  • 15 % OFF

    Ice Hunt-අයිස් හන්ට්

    Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

    පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

    එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

    සුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්‍යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති. මනුෂ්‍ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයාගැනීමත් ඒ සමඟ සිදුවීමට නියමිත මහා විනාශයත් වළකාගැනීමට ඔවුන්ට හැකි වේද? නැතහොත් රාජ්‍යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද? දඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?

    මේ ඒ බියකරු සත්‍යයේ කතාවයි!

  • 15 % OFF

    Panaha Panaha-පනහ පනහ

    Original price was: රු1,950.00.Current price is: රු1,657.00.

    සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති.
    දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති. ඔබ විශ්වාස කරන්නේ කවුරුන්ද?

    ඇලෙක්සැන්ඩ්‍රා ඇවෙලිනෝ,
    තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ්‍රා විශ්වාස කරන්නීය.

    සොෆියා ඇවෙලිනෝ,
    තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවිමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදු කළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වී අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය.

    කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය; එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ නඩු විභාගයක්.

    නමුත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බොරුකාරියකි. ඔවුන්ගෙන් එක් අයෙකු සැබෑම මිනීමරුවාය.

    සිරමැදිරියක වාඩිවි, ඝාතනය සම්බන්ධයෙන් තම සහෝදරිය සමඟ නඩු විභාගයකට සූදානම්ව සිටින ඇය කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බව ඔබ සිතනු ඇත.

  • 15 % OFF

    Deep Fathom-ඩීප් ෆැතම්

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:

    මහපොළොව ගිනිගනිමින් තිබේ!
    සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.

    අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.

    ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

  • 20 % OFF

    වියට්නාම උමං සටන-Viyatnam Uman Satana

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    වියට්නාම යුද්ධයේදී නවීන තාක්ෂණයෙන් සහ යුද බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු හමුදාවට ජයගත හැකි නොවූ මහත් සංකීර්ණ අවුල් ජාලයක් බවට පත් වූයේ වියට්කොංවරුන්ගේ උමං ජාලයය.
    මේ උමං ජාලය කැණීම් කරන්නේ ඇමරිකානු කඳවුර පිහිටි දකුණු වියට්නාමයේ කු චි දිස්ත්‍රික්කයේ පොළව යටය.සැතපුම් 200 ක් පමණ දිගු උමං යොදාගෙන සිරුරින් කුඩා වියට් කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන ආකර්ෂණීයය.…

  • 20 % OFF

    අවසාන නාසියා-Awasan Nasiya

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    2 වැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වූ පෝලන්තයේ Auschwitz හි කඳවුරු දොස්තර වුයේ Josef Mengele. Auschwitz හි සිදු කල මිනිස් ඝාතන ලක්ෂ 4කට පමණ වග කිවයුත්තේ මොහු බව පැවසේ. එසේම සිය ඊනියා වෛද්‍ය පර්යේෂණ සඳහා ඔහු යුදෙව්වන් සිය ගණනකට කුරිරු වධ හිංසා පැමිණවීය.
    දෙවන ලෝක යුද්ධයෙන් නාසින් පරාජය වූ පසු රහසින් පලා ගිය ඔහු දකුණු ඇමෙරිකාවෙ රහස් ජිවිතයක් ගත කර 1979 බ්‍රසීලයේදී දිය නාන්නට ගිය විටෙක ලිස්සා වැටිමෙන් මරණයට පත්විය.

    ඔහු සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙන්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන් ගෙන් හා දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධ වලට උපකාර කල වුන් ගෙන් එකතු කරගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත…

  • 10 % OFF

    සිංහලේ අවසන් රජදහන-Sinhale Awasan Raja Dahana

    Original price was: රු2,750.00.Current price is: රු2,475.00.

    කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.

  • 15 % OFF

    හිට්ලර් ඊවා අමරනීය ආදරය-Hitler Eva Amaraneeya Adaraya

    Original price was: රු900.00.Current price is: රු765.00.
  • 15 % OFF

    පොළොව රඳන තැන 02 – Polowa Randana Thena 02

    Original price was: රු2,900.00.Current price is: රු2,465.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • 20 % OFF

    නයිටිංගේල්ගේ රහස-Nayitingale Rahasa

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය නවමු මගක ගමන් කරවීමට සමත්වන්නීය. නමුත් ඒ සියල්ල මැද ඇගේ සිත දවන මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇය සමත් වන්නීද? ඇගේ එම රහස දන්නේ තව කව්රුන්ද?

  • 20 % OFF

    පාරාදීස කොදෙව්ව-Paradeesa Kodewwa

    Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

    මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්.
    මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා,
    මෙන්ම උවදුරක් කරාද ගෙන යයි…

    බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික‍්‍රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක පිහිටි, අබිරහස් දිවයිනක සිතියමක්ද වේ.
    එම දිවයිනේ අසමසම ධනයක් තිබෙන බව කියවෙන කතාව තදින්ම සිතට ගන්නා ඇනලීස්ගේ අයියා, ෆිලිප් එම දූපත සොයා ගමන් අරඹයි. එහෙත්, ෆිලිප් ගැන කිසිදු පුවතක් නොමැතිව මාස ගණනාවක් ගෙවී යයි. දිනපොතේ රහස් හෙළිරදවු කරගැනීමේ අරමුණින් සහ ඇගේ සොහොයුරාව සොයාගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙළෙමින් ඇනලීස් ගමන ආරම්භ කරයි. එම ගමන ඇයව ලොව අමුතුම දුරස්ත ස්ථානයන්ට-කේප් ටවුන් වෙත, ඕස්ටේ‍්‍රලියාවේ ජනශුන්‍ය ප‍්‍රදේශයන්ට- සහ අවසානයේ දක්‍ෂිණ සාගරයේ සාරවත්, නිවර්තන දූපත් කරා රැුගෙන යයි.
    එතැනදී, ඇනලීස් හට හද ගැස්ම නතර කරවන අන්දමේ උපද්‍රවයක් සේම… පේ‍්‍රමයක පොරොන්දුවක්ද හමුවේ.

× Whatsapp Us