SHOP
  • 10 % OFF

    ෆා දූපතේ සිටුවරයා-Fa Dupathe Situwaraya

    Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

    මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන් විවෘත වන්නට පටන් ගත්තේය.

  • 20 % OFF

    සත්දෙනෙක් නම් රහසක්-Sath Denek Nam Rahasak

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    “රහස්! මම සෑමතැනම රහස් සොයමින් සිටියෙමි.”
    ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරීකා හාපර්ස් ග්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී, ඕ සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ පෙර ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු නංගි ෆ්ලෝරා වැනි හාපර්ස් ග්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
    එසේ වූවද, ෆ්‍රෙඩරීකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුම හමුවේ විනාශ විය. ක්‍රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙන ඇය අතීත සහ වත්මන් රහස්වල අවතාරයක් සිය බියජනක සෙවණැල්ලෙන් ඇගේ හදවත අඳුරු කරන, අමුතු ලොවක තවත් ගැඹුරට ගමන් කළාය.
    ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදු වූයේ කවර අචින්ත්‍ය ඛේදවාචකයක්ද? මක් නිසාද යත්, අවසානයේ, ප්‍රේමයට සහ සත්‍යයට ජය ගත හැකි වූයේ මුනිවතෙහි කුමන්ත්‍රණය බිඳ දැමූ පසු පමණකි.

  • 15 % OFF

    Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

    හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

    එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

    දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

  • 10 % OFF

    අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    මගේ බිරිඳ මිය ගියත් ඈ තවමත් මා තුළ ජිවත්වෙමින් සිටිනවා.

    ඔහු මෙසේ පවසද්දි මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.

    ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩූ කදුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේයැයි සිතමිනි.

    ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

  • 30 % OFF

    ඔලිවර් ට්විස්ට්-Oliwar Twist

    Original price was: රු1,800.00.Current price is: රු1,260.00.

    ඉංගී‍්‍රසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී කි‍්‍රයාවන් මෙන් ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත‍්‍රණය වෙයි.

  • 20 % OFF

    එයාර්පෝට්-Airport

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • 20 % OFF

    දෙවොලේ සැඟවුණු අබිරහස-Dewole Sengawuna Abirahasa

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
  • 30 % OFF

    ඇතීනාගේ සළකුණ-Atheenage Salakuna

    Original price was: රු2,250.00.Current price is: රු1,575.00.
  • 15 % OFF

    සොල්ට්මාෂ් අබිරහස – Saltmash Abirahasa

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
    අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
    පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රූත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමච්චලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
    අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
    ඒ එකම ඝාතකයාද?
    නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

  • 15 % OFF

    පෙරළූ නැවුම් පස I-Peralu Nawum Pasa I

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    ”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.”

    ”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.

    ”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?”

    ”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?”

    ”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …”

    ”සහෝදරයා කසාද බැඳලද?”

    ”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.”

    ” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”

  • 16 % OFF

    සැබෑ මිනිසෙකුගේ කතාවක්-ගොඩගේ-Sebe Minisakuge Kathawak Godage

    Original price was: රු950.00.Current price is: රු800.00.
  • 10 % OFF

    ලංකාවේ පෞරාණික නගර-Lankawe Pauranika Nagara

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ලංකාව ගැන පොත් කිහිපයක් ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවුයේ 1897 දී ලන්ඩනයේදී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සහ දරා ඇත. කේව් 1896 දි ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුලත් ය. අපේ පැරණි නටමුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්‍රිසි ජාතිකයා තුළ පැවැති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැකය.

  • 10 % OFF

    මායාකාරි–Mayakari-The Witch of Portobello

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
  • 30 % OFF

    20000 ක සවාරියක්-20000 Ka Sawariyak

    Original price was: රු1,000.00.Current price is: රු700.00.

    මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත. මුල් කෘතිය හා කතෘ :20000 Miles/ Christopher Fenwick පරිවර්තන කෘතිය : 20000 ක සවාරියක් පරිවර්තක : මනෝ ප්‍රනාන්දු

  • 10 % OFF

    ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු-Sri Lankawe Landesi Balakotu

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    දෙවන ලෝක සංග්‍රාමයට පෙර, තමන් කොළඹ නගරයේ වරලත් ගණකාධිකාරි වරුන්ගේ ආයතනයක සේවය කරමින් සිටි වකවානුවෙහි දී, ඩබ්ලියු. ඒ. නෙල්සන් මහතා විසින් මෙම ලන්දේසි බලකොටු පිළිබදව සකස් කොට සංග්‍රහ කරන ලද THE DUTCH FORTS OF SRI LANKA නම් මහැගි ග්‍රන්ථය ශ්‍රී ලංකා ඉතිහාසයෙහි බොහෝ දුරට ගිලිහී ගිය පරිච්ජේදයක වැදගත් තොරතුරු අව ඉදිරියෙහි දිග හරියි. මුල් ග්‍රන්ථය හා කතෘ : The Dutch Forts of Sri Lanka/ W. A. Nelson පරිවර්තන ග්‍රන්ථය : ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු පරිවර්තක : නිස්සංක පෙරේරා

  • 10 % OFF

    දෙවියෝ සහ භූතයෝ-Dewiyo Saha Buthayo

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

  • 10 % OFF

    මා කළ ගවේශණ-Ma Kala Gaweshana

    Original price was: රු650.00.Current price is: රු585.00.
  • 20 % OFF

    බ්‍රොන්ටේ සොයුරියෝ-Bronte Soyuriyo

    Original price was: රු950.00.Current price is: රු760.00.

    මෙතෙක් බිහිවූ වඩාත් ප‍්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේ‍්‍ර (ඈන්* ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්–වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත. මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු සංරක්‍ෂිත ඡුායාරූප බ්‍රොන්ටේ රසිකයන් විස්මයට පත් කරවන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත්දැකීම්, ඇගේ චරිතාපදානය ලියූ නවකතාකාරිය වන එලිසබෙත් ගෑස්කල් දැන හඳුනා ගැනීම ඇතුළුව ඇගේ පුද්ගලික තොරතුරු මෙහි වැඩි වශයෙන් නිරාවරණය කර ඇත. 19 වන සියවසේ කාන්තා ලේඛිකාවන් සඳහා වූ සන්දර්භය සහ බ්‍රොන්ටේ සහෝදරියන් අන්වර්ථ නාමයන් යටතේ පමණක් සිය කෘති ප‍්‍රකාශයට පත් කිරීමට හේතු වූ කරුණු ද මෙහිදී විමසා බැලෙයි. එමෙන්ම ඈන් සහ චාලට්, චාලට්ගේ ප‍්‍රකාශකයාට තම අනන්‍යතාව හෙළි කළ හමුවීම පිළිබඳ අපූරු විස්තරයක් ද, සහෝදරියන්ගේ නවකතාවල කෙටි, ප‍්‍රධාන සාරාංශ කීපයක් ද, සැබෑ ජීවිත අත්දැකීම් ප‍්‍රබන්ධයක් බවට පරිවර්තනය වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල්වෙන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන ප‍්‍රබන්ධකරණයේ විශිෂ්ට පුරෝගාමීන්වූ බ්‍රොන්ටේ සහෝදරියන් දෙස හෙලන ආකර්ෂණීය බැල්මකි.

  • 20 % OFF

    මොනර පිලේ ශාපය-Monara Pile Shapaya

    Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

    ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකියx අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

  • 30 % OFF

    කටු කුරුළු හඩ-Katu Kurulu Handa

    Original price was: රු1,480.00.Current price is: රු1,036.00.

    යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘ කටු කුරුළු හඩ ‘ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි. දේවත්වයටත්, මනුශ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී. “මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා” ඒ මැගීගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැගවුණු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇතද? මුල් කෘතිය හා කතෘ : Colleen McCullough / The Thorn Birds පරිවර්තන කෘතිය : කටු කුරුළු හඩ පරිවර්තක : අනුල ද සිල්වා

  • 10 % OFF

    චොකර්බාලි-Chokarbali

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
  • 10 % OFF

    කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    පරිවර්තනය මහේෂි වීරකෝන් පිටු 662

  • 10 % OFF

    පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada

    Original price was: රු900.00.Current price is: රු810.00.
  • 20 % OFF

    රජවරුන්ගේ ශාපය-Rajawarunge Shapaya

    Original price was: රු2,220.00.Current price is: රු1,776.00.

    කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද ආශ්චර්යයක් විය. ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වූ ඊජිප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බදුය. එහෙත් ඒ සැබෑවූ සිහිනය මහා භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ නැත. අලුත් පාරාවෝ සොහොන්කොතක් ගවේෂණය කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැගවී ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම් ඊටත් වඩා රුදුරු, අදුරු බලවේගයක් නිසාද..?

  • 20 % OFF

    ලිට්ල් හවුස් පොත් කට්ටලය – Little House Book Series

    Original price was: රු11,010.00.Current price is: රු8,808.00.

    Laura Ingalls Wilder විසින් රචිත ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද පරිවර්තනය කළ “Little House” කතා මාලාවේ – පරිවර්තන පොත් කට්ටලය (පොත් 10). වන අරණක කුඩා නිවස තැනිතලාවේ පිහිටි කුඩා නිවස මිදි ඔය අසබඩ රිදී විල් තෙර සීතලෙන් සීත වුණ සීත සමය තැනිතලාවේ පිහිටි කුඩා නගරය මේ මිහිරැති සොඳුරු සමය පළමු සිව්වසර ගෙදර යන අතරමග අල්මන්සෝ පුංචි ගොවියා

  • 10 % OFF

    මේඩ්න්ස් – Maidens

    Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

    ‘මේඩ්න්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.

    කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
    වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇයගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.
    ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානා හට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
    ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
    මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
    සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

  • 15 % OFF

    ගෙස්ට් ලිස්ට් – The Guest List

    Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

    අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ.

    එහෙත් සැබෑම මිනීමරුවා කවුරුන්ද?

    ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවී යාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමිවන්නේ කාගේ විය හැකිද? පණැතිව, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමිවන අමුත්තා කවුද?

  • 15 % OFF

    හන්ටිං පාටි – The Hunting Party

    Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

    ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
    ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
    ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
    ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
    ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
    තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
    ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !

  • 15 % OFF

    ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.
  • 10 % OFF

    නයිට් සින්ගර්-The Night SInger

    Original price was: රු1,980.00.Current price is: රු1,782.00.

    හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුලුගැන්වී දිවි ගෙව්වාය. ඒ හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජිවිතය අලුතින් අරඹන්නට වුවමනා විය. නව දිවිය අරඹන්නට, පොලිස් රහස් පරික්ෂකාවක වී ආපසු උපන් ගමට එන ඇය වටා, ඇගේ අතීත දිවියේ අදුරු සෙවණැලි සැරිසරන්නට වෙයි. ඒ අභියෝගය මැද, හැනාට පැවරෙන්නේ තවත් අබිරහසක සුළ මුළ සොයා ගන්නටය.
    හුදෙකලා හුණුගල් තැන්නක් මැද,
    යෞවනයෙකුගේ මළ සිරුරක්…!
    ලේ තැවරුණු පිහියක්…!
    ලෙයින් පෙගුණු දම් පැහැති මලක්…!
    හද රිදවන රහසක්…!
    හැනාට ඒ අබිරහස විසදා ගන්නට හැකි වේද…?
    මුල් කෘතිය : The Night Singer
    කතෘ : Johanna Mo
    පරිවර්තන කෘතිය : ද නයිට් සිංගර්
    පරිවර්තනය : නිම්මි මුදිතා හෙරත්
    පිටු ප්‍රමාණය : 463
    මිල : 1980/
    ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

  • 20 % OFF

    රාග ගිනි-Raga Gini

    Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

    සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය. එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇදුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොදම මිතුරිය මා වෙතට ආවාය. ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය. “එයා මාව දූෂණය කළා.!” මගේ හොදම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ.!” මගේ සැමියා කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකුද.? නැතිනම් මගේ හොදම මිතුරිය බොරු කාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.? රාග ගිනි

  • 20 % OFF

    කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

    පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ. ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය. “මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි..

× Whatsapp Us