SHOP
  • අපෙන් එකෙක්-Apen Ekek
    20 % OFF
    Sold out!

    අපෙන් එකෙක්-Apen Ekek

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙනවාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණ. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සාරාට පුදුම ඒක නොවේ.

    කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි.

    ”දෙයියනේ රාජා අන්කල්….’”

    සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.

    “ක්…ග්.. හ්…”

    බිම වැටී උන් පුද්ගලයා වියරුවෙන් මෙන් දඟලයි. ඒ දඟලන අයුරින් ඔහු ජීවිතයත් මරණයත් අතර උන් බව සාරාට තේරිණ.

    “රාජා අන්කල්…”

    සාරා බිම වැටී උන් පුද්ගලයා වෙතට ළංව කතා කළාය. ඇය මේ වෙලාවේ තමා මේ ගෙදරට රහසේ ඇතුළුව උන් බව අමතක කළාය. ඒ ආවේ පළිගන්නට බවත් අමතක කළාය. ඇයට උවමනා කළේ මේ වෙලාවේ මේ බිම වැටී දඟලන පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත් ඊළඟ තත්පරයේ රාජා සදහටම දෙනෙත් පියවගත්තේ සාරාගේ හිතේ භීතියක් ඇති කරමින්ය.

  • රාස්සිගේ හෝරාව-Rassige Horawa
    10 % OFF
    Sold out!

    රාස්සිගේ හෝරාව-Rassige Horawa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    කෑගසන්නට උවමනා වීද මගේ දෙතොල් සෙළවුණේ වත් නැත. මා කොතරම් භීතියට පත්ව සිටියා දැයි කිවහොත් හුස්ම පවා ගත්තේ අපහසුවෙනි. සිය සාක්කුවට අත දැමූ මිනිසා අතට ගත්තේ කිනිස්සකි. එය අතින් අතට මාරු කරමින් මොහොතක් මදෙස බලා සිටි ඔහු අමුතු ආකාරයට සිය ගෙල එක් පසෙකටත් පසුව අනෙක් පසටත් කරකවමින් පෙන්වූයේ උමතු ස්වභාවයකි. වෙස් මුහුණේ වූ කුඩා සිදුරු දෙකෙන් යාන්තමට නිරාවරණ වූ ඇස් බෝල තද රත් පැහැයක් ගෙන තිබුණි.

  • අවකාශ-Awakasha
    10 % OFF

    අවකාශ-Awakasha

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
  • ධවල සියපත්-Dawala Siyapath
    10 % OFF

    ධවල සියපත්-Dawala Siyapath

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • මීදුම් නිම්න-Meedum Nimna
    10 % OFF

    මීදුම් නිම්න-Meedum Nimna

    Original price was: රු950.00.Current price is: රු855.00.
  • සසර අනන්තෙක-Sasara Anantheka
    10 % OFF

    සසර අනන්තෙක-Sasara Anantheka

    Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
  • භවචක්‍ර - Bhawachakra
    15 % OFF

    භවචක්‍ර – Bhawachakra

    Original price was: රු1,480.00.Current price is: රු1,260.00.

    ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය.

    දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය, දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැන නැඟුණේද එවිටය.

    පියා, පුත්‍රයාට යටත් විය යුතුද?

    පුත්‍රයා, පියාගේ අභිමතාර්ථය ඉදිරීපිට අඩදැණිව ඉවසිය යුතුද?

    මේ අන්ධකාරයට නතූ වූ පියෙකුගේද, තම පියා අන්ධකාරයෙන් මුදා ආලෝකය කරා රැගෙන ඒමේ අරගලයක සංසාරගතව යෙදුණු පුත්‍රයෙකුගේද අනුවේදනීය කතාවයි!

  • ඉසොදර පුවත-Isodara Puwatha
    20 % OFF

    ඉසොදර පුවත-Isodara Puwatha

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • නිර්මාණා - ද්වාරි ස්වර 2-Nirmana
    20 % OFF
    Sold out!

    නිර්මාණා – ද්වාරි ස්වර 2-Nirmana

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    පෘථිවියේ ලස්සනම ගැහැනියට හා
    කොබෙයිගනේ මහ වලව්වේ
    හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු
    දියණිය නිර්මාණා නම් විය…
    ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත්
    මන්ත්‍ර බලයකින් උපන්
    මුරණ්ඩු මන්ත්‍රකාරියක විය…
    පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්…
    අතීතයත් අනාගතයත් බුදු දහමත්
    එක මිටකට ගනිමින්
    මේ කතාංගය දිග ඇරේ…
    ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන්
    සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය
    මෙහි වසර දස ලක්ශයක වෛරය හා
    වසර දස ලක්ශයක ප්‍රේමය
    සුමටව පිරි මදිනු ලබයි…
    මේ ඇගේ කතාවයි
    ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ
    නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි…

  • ද්වාරි ස්වර-Dwari Swara
    20 % OFF

    ද්වාරි ස්වර-Dwari Swara

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

    නොපෙනෙන මානයක බැඳුනු.. අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය, සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්.. නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වූ අතීශය කඩවසම් තරුණයෙක්.. මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්… වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය.. ද්වාරි ස්වර නම් වේ…

  • තැන්නගල වලව්ව-Thennagala Walawwa
    10 % OFF
    Sold out!

    තැන්නගල වලව්ව-Thennagala Walawwa

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    ගෙවී යමින් තිබුණේ ගොම්මන් අඳුර පරිසරයට ඉව අල්ලන්නට සූදානම් වෙමින් උන් හෝරාව වුව ද හතර අතින් වට වී තිබූ අතුපතර විහිදි තුරුලතා නිසා රිදී කඳුර අවට පමණට වඩා අන්ධකාරයක් රජයන්නට වූවේ ය. එක් පසෙකින් තැන්නගල වලව් වත්තේ දිගු මායිමත් අනික් පසින් ජලයෙන් පෝෂණය වූ රිදී කඳුරත් අතර තිබූ නවීකරණයට බඳුන් නොවූ එම අඳුරු අඩි පාරේ ගොම්මනේ ගමන් ගත්තේ හිත හයිය එහෙමත් එකෙකු පමණි.

    ඕකෙ හොල්මන් තියෙනවා.

    හවසට කඳුර දිගේ මොකදෝ මන්දා දෙයක් පාවෙනවා.”

    සමහර දවස් වලට හීන් හඬින් ගෑණියෙකුත් කෙඳිරි ගානවා ඇහෙනවා. ඒ රිදී කඳුරට යාබද ඉසව්ව ගැන ඉස්සර සිටි ගම්මුන් කී ගුප්ත කතා ය. නමුත් ගෙවුණු නුදුරු අතීතය ඇතුළත කිසිවෙකු හොල්මනක් ඇහින් දුටු බව කීවේ නැත. කිසිවෙකුට ගැහැණියකගේ කෙඳිරිල්ල ඇසී තිබුණේ ද නැත. මේ නිසා මෙම ගුප්ත ඉසව්ව ගැන පෙර තරම් බියක් ගම්මුන් අතර දැන් නොවිණි.

    තත්ත්වය එසේ වුව ද ගොම්මන් අඳුර මැද තනිපංගලමේ රිදී කඳුර අසලින් ඇවිද යන පිරිස අදටත් අල්ප ය.

  • අග්‍රා වලව්ව-Agra Walawwa
    20 % OFF

    අග්‍රා වලව්ව-Agra Walawwa

    Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

    **********
    “මොකද්ද වුණේ බණ්ඩෝ… මොකද මේ බෙරිහන් දෙන්නේ…”
    කලබලයෙන්ම බණ්ඩා අසළට ඇවිද ගිය වජිර තුෂ්නිම්භූතව අසද්දී, බණ්ඩා කුමක්දෝ පැවසුවද ඒ කිසිවක් පිටතට ඇසුණේ නැත.
    “ගොළුද යකෝ ඒ ගමන උඹ. කතාකරපන්… මොකද්ද වුනේ?”
    මේනකාද සිටියේ තැතිගැන්මකිනි.
    “භා…භා…වනා මැණි…කේ භානා… භා..වනා මැණිකේ…”
    “භාවනා…? භාවනාට මොකද?”
    වජිරගේ හදවතේ ගින්නක් නැගුනේ භාවනාගේ නම ඇසුණු සැනිනි.
    “අපේ ආග්‍ර… අ…පේ ආග්‍ර…”
    “ආග්‍ර?”
    මේනකා දෑස් විසල් කරගෙන ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවය.
    “ආ..ග්‍ර… භාවනා මැණි…කෙව මරලා…”
    බණ්ඩාට පවසන්නට ලැබුණේ එපමණකි. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් පොළව මතට ඇද වැටෙද්දී වජිරගේ පමණක් නොව මේනකාගේ හදවත් ගැහීමද මොහොතකට නතර විය. ඒ සියල්ලන්ටම වඩා ඔවුන් තිදෙනාටම පිටුපසට වී වලව්වේ ද්වාරය අසළ සිටගෙන සිටි ආග්‍යට දැනුණේ මුළු ලොවම තත්පර කිහිපයකට නතර වූ සෙයක්ය.
    බණ්ඩාව මේනකාට බාර දුන් වජිර, වම්පස පපුව අල්ලාගෙනම දුව ගියේ ඇත්ගාල වෙතටය. ඒ වන විටත් අනෙක් ඇත් ගොව්වන් දෙදෙනා සේම වලව්වේ වත්තපිටියේ වැඩකරන සියලුම දෙනා වටවී යමක් දෙස බලා සිටිනා අයුරු ඈත තියාම වජිර දුටුවේය. ඔහු එදෙසට පියවර තැබුවේ සිතාමතා නොවේ. සිහිනයකින් මෙනි.
    “ලොකු හාමු…”
    වටවී සිටි සියලු දෙනා දෙපසකට වී වජිරට භාවනා අසළට පැමිණිමට ඉඩ ලබා දුන්හ. භාවනාව දුටු වජිරට දැනුණේ මුළු සිරුරම පණ නැතිවී යන්නාක් මෙනි. භාවනාගේ සිරුර පොඩි පට්ටම් වී තිබුණි. මුහුණ සීරී පමණක් තිබුණද පපු පෙදෙස තැලී තිබුණේ බිහිසුණු ලෙසය. ඇයගේ සිරුරෙන් ගලා ගිය රුධිර දහරාව ඈ වටාම ගලා ගොස් නතරව තිබූ තැන වූයේ ඇත් පාදයකි. ඒ ඇත් පාදයද ලෙයින් නැහැවී ඇති අයුරු දුටු වජිරගේ නෙතු ටිකෙන් ටික ඉහළට එසවෙන්නට වූවේය.
    හොඬවැලද හකුළාගෙන තත්පරයකට හෝ දෑස් එහෙ මෙහේ යා නොදී භාවනා දෙසම බලා සිටියේ වෙන කිසිවෙක් නොව භාවනා මුළු හදවතින්ම ආදරය කළ… අවසානයේ ඇයව මරු තුරුළට යැවූ ඔහු… ආග්‍ර ය

  • දෙබිඩි-Debidi
    20 % OFF
    Sold out!

    දෙබිඩි-Debidi

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත්‍රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ. ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි. “උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා….’ ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතුව ආවේය. ඒ ගැහැණු රුවකි. ක්‍රමයෙන් විශාලව ගිය එකී රුව ගඟුල් දෙසට දෝත විහිදුවමින් විලාප දෙන්නට පටන් ගත්තේය. “මට වෙච්ච අසාධාරණේට මට පලිගන්න ඕනේ..මට යුක්තිය ඕනේ.” හඬමින්, ගඟුල්ගේ ගෙල මිරිකන්නට උත්සාහ කරමින්, අර රූපය කෑගෑවේය. ගඟුල් දෙනෙත් ඇරියේ බියෙන් වෙව්ලමිනි. වරින්වර තමාට පෙනෙන මේ සිදුවීම් මොනවාද?. මේ කිසිවක් තමාගේ ජීවිතයට සම්බන්ධ ඒවා නොවන බව ඔහුට විශ්වාසය. මේ අද්භූත සිදුවීම් සියල්ල ආරම්භ වූයේ ඒ අවාසනාවන්ත රිය අනතුරෙන් පසුව බව ඔහුට මතකය.

  • කේසර වලව්ව-Kesara Walawwa
    20 % OFF
    Sold out!

    කේසර වලව්ව-Kesara Walawwa

    Original price was: රු850.00.Current price is: රු680.00.
  • විහාර වලව්ව-Vihara Walawwa
    20 % OFF
    Sold out!

    විහාර වලව්ව-Vihara Walawwa

    Original price was: රු990.00.Current price is: රු792.00.
  • පුලස්ති වලව්ව-Pulasthi Walawwa
    20 % OFF
    Sold out!

    පුලස්ති වලව්ව-Pulasthi Walawwa

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
  • දේවාල දූව-Dewala Duwa
    20 % OFF
    Sold out!

    දේවාල දූව-Dewala Duwa

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • බෙරගල පාමුල-Beragala Pamula
    20 % OFF
    Sold out!

    බෙරගල පාමුල-Beragala Pamula

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    අසාමාන්‍ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික්‍යය බව ජෛත්‍රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ.

    කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ්‍රින්දාරාම් වහා ක්‍රියාත්මක වූයේය.

    කළුවන් රෙදි කඩකින් නාග මාණික්‍යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය තුළ බ්‍රින්දාරාම් නාග මාණික්‍යය තමා සතු කර ගත්තේය.

    සිදු වූ කිසිවක් වටහා ගත නොහැකි අසරණ සත්වයා වහා වටපිට බැලුවේය. ආලෝකය අතුරුදන් ව ඇත. ආලෝකය විහිද වූ සිය ප්‍රාණය හා සමාන, හදවත හා සමාන, හුස්ම හා සමාන මාණික්‍යය ද අතුරුදන් ව ඇත.

  • බෙර හඬ-Bera Handa
    20 % OFF

    බෙර හඬ-Bera Handa

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    වවුල් බැද්දේ මහ දිවුල ළඟ ගල් තලාව මත දල්වන ලද විලක්කු කීපයක් ගජරාමෙට ඇවිළෙමින් තිබිණ. ඒවායේ එළියෙන් බබළන අංග සම්පූර්ණ මල් තටුවකි. අඩුවකට තිවුණේ කුකුලෙක් විතරය. කුකුල් බිල්ලේ අඩුව පුරවන්න සූදානම් කළ මිනිස් බිල්ලක් එතන තිබිණ. ගල් පොත්ත මත්තේ දිගා කළ ගැහැනු දරුවෙකුගේ අතපය ගැට ගසා තිබිණ. මේ සියල්ලට ඉහළින් හිටගෙන දහඩියෙන් තෙමීගිය නිරුවත් උඩු කයින්ද, ඉනට ඇඳි සුදු සරමින්ද යුත් මැදිවියේ පිරිමියෙක්ය. හේ ආවේශයෙන් වාගේ ඉන දවටා ගත් බෙරයකට තළමින්, යාතිකා කියා මොරදෙන්නේය. ඔහුගේ ගෝලයායි සිතිය හැකි තවත් එකෙක් දුම්මල ගහමින්, විලක්කු නොනිවා තබා ගනිමින් ආවතේව කරයි.

    ‘ඕ ඔඩ්ඩි රීරි මහසෝන් වරං.. ඒස්වා නමාය..

    ඕ ගල ගුගුරුවා හෙණ වගුරා වඩින් නමාය..

    යකදුරා බෙරයට දෙවෙනි නොවේ. ගොරෝසු කටහඬින් පළාතම දෙදෙරවා යන සද්දෙකින් මන්ත්‍ර ජප කරන්නේය. බෙර හඬට, ඒ ගිගිරුමට එකතුව හදවතට දැනෙන භීතිය උත්සන්න කරවමින් අවට පරිසරයේ ද යමක් සිදුවෙමින් පැවතිණ. වැහි වලාවක ලකුණක් නොවූ අහසේ කොහේදෝ තැනකින් අකුණක් කෙටුවේය. තැන නිශ්චිත නැතත් අකුණු පහරේ දීප්තිමත් එළියෙන් සැඟව සිද්ධිය බලා උන් තිදෙනාගේ ඇස් ගිනිකන වැටිණ.

     

  • කර්ම-Karma
    20 % OFF

    කර්ම-Karma

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්…

    සන්නාසියකු සේ මිනිස් සමාජයෙන් ඈත්ව වනගතව ජීවත් වන මිනිසෙක්..

    සිය පෙම්බරියගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..

    එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසුරුණු නොවිසිදුනු රහස් රාශියක්..

    මේ සියල්ල නිහඬව දකිමින් ඒ සියල්ල විසඳා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..

  • ගිරග සසල විය-Giraga Sasala Viya
    10 % OFF
    Sold out!

    ගිරග සසල විය-Giraga Sasala Viya

    Original price was: රු500.00.Current price is: රු450.00.

    කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය.කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනිය ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬ බව සමඟ පරිසරයට ගුප්ත බවක් එක් වී ඇත.ඒ නිහඬ ගුප්ත බව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.

  • දෙවත-Dewatha
    10 % OFF

    දෙවත-Dewatha

    Original price was: රු600.00.Current price is: රු540.00.

    මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේ ය. කුඩා දවසේදීන් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ. තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.

  • මන්දාරම් උයන-Mandaram Uyana
    10 % OFF
    Sold out!

    මන්දාරම් උයන-Mandaram Uyana

    Original price was: රු600.00.Current price is: රු540.00.

    දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය.නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වාභාවයක් ගනී.පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩී වි පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි.එසේ බලාසිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය.පෙණය විදහාගෙන එකන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස් වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙති ඇති කෙස් වැටිවලින් හා දික් වු නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගත කරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස්වු සිතිනි.

  • No regrets, let's Love
    10 % OFF

    No regrets, let’s Love

    Original price was: රු899.00.Current price is: රු810.00.

    සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

  • පලා පෙත්තෙකුගේ ප්‍රේමය-Pala Peththekuge Premaya
    20 % OFF
    Sold out!

    පලා පෙත්තෙකුගේ ප්‍රේමය-Pala Peththekuge Premaya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
  • ප්‍රේමාරම්මණ-Premarammana
    20 % OFF

    ප්‍රේමාරම්මණ-Premarammana

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

    ප්‍රේමය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ තරුණයකු සහ තරුණියක අතර හටගන්නා ආදර බැඳීමකි. එහෙන් බුදු දහමේ හිරන්තරයෙන් කියවෙන මාතෘ – දාරක ප්‍රේමය, පීතෘ – දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය, කිතු දහමෙහි සඳහන් වන අසල්වැසියා කෙරෙහි පවතින ප්‍රේමය ආදී ප්‍රේමයේ උප – ප්‍රවර්ගයන් ගණනාවක් තිබේ.

    ප්‍රේමය ඔක්සිජන් වැනි ය. එය සැම තැනම පවතී. නමුත් පවතින බව කිසිවකුට නොපෙනේ. නොපෙනෙන නමුත් එය ඇති බව සියල්ලෝම දනිති. සෑම මිනිසකුම ජීවත්වන්නේ ඔක්සිජන් පවතින තැනක පමණි. එය නොමැති නම් කිසිවෙකුට එතනින් එහා තවදුරටත් ජීවත්වන්නට නොහැක. ප්‍රේමය ද එසේම ය.

    මේ සමාජය නීති පද්ධතියකින් පමණක් නොව සංස්කෘතික සදාචාර රීති සමුදායකින් ද බැඳී තිබේ. එහෙත්, ප්‍රේමණීය හදවතකට සීමා මායිම් පැනවිය හැක්කේ කාටද?

  • කාලාවකාශයේ සිරකරුවා-Kalawakashaye Sirakaruwa
    10 % OFF

    කාලාවකාශයේ සිරකරුවා-Kalawakashaye Sirakaruwa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    කාලාවකාශයේ සිරකරුවා – හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය.
    සංචාරක නියෝජිතයෝ – කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය.

    “කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?”

    ගෞරවය – අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුනු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොනැඟුණු ප්‍රශ්නයක් ඔස්සේයි.

    “පිටසක්වළ ජීවීන් යනු, අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්?”

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයෙකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධ්‍යාත්මික ගවේෂණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විිය. ‘විස්මිත සිහ දකින්නා ‘ නමින් පළවු ඔහුගේ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජය සම්මානය හිමි කරගන්නා ලදි. ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිලිබඳ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන දමිත දැනට බෞද්ධ අ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.

  • විස්මිත සිහින දකින්නා-Wismitha Sihina Dakinna
    10 % OFF

    විස්මිත සිහින දකින්නා-Wismitha Sihina Dakinna

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක්‍රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණණකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම වීම. අදිසි අවිය-තරප්පු පෙළින් බැස ආ ජූල්ස් වර්න් විස්මයට පත් දෑසින් ,තමා ඉදිරියේ සිටින තරුණයාගේ ඇධුම් පැළධුම් හා හැඩරුව දෙස දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය.එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ.ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධ කරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අලවන්නට සමත්විය.” ඔබ අනාගතයෙන්ද………?”

  • අවුරුදු පහළොවකට පස්සෙ-Awurudu Pahalowakata Passe
    15 % OFF
    Sold out!

    අවුරුදු පහළොවකට පස්සෙ-Awurudu Pahalowakata Passe

    Original price was: රු750.00.Current price is: රු637.00.

    ”දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ… ඒක දැන් අයින් කරන්න ඕනැ… මොකද ඔයගොල්ලො කියන්නෙ”

    ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.

    ” අනේ එපා ඩොක්ටර්…තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි… මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා… වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න…”

    කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය.

    “ඔයා ලෙඩාගෙ කව්ද?..”

    වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවා ය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.

    “මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්…මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න…

  • ත්‍රිමාණ 2-Thrimana 2
    20 % OFF

    ත්‍රිමාණ 2-Thrimana 2

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    “පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා…”

    -දේවේන්ද්‍ර දිසානායක –

    “ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්…”

    – යාරා –

  • ත්‍රිමාණ 1-Thrimana 1
    20 % OFF

    ත්‍රිමාණ 1-Thrimana 1

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    “පිරිමි කැමති නිහඬ ගෑනුන්ටලුනේ.. ඒත් දන්නව ද… ගෑනු කෑ ගහන්නෙ, අඬා වැටෙන්නෙ, රණ්ඩු කරන්නෙ, සල්ලි, දේපල, යාන වාහන වගේ දේවල් වෙනුවෙන් නෙවෙයි… අර මං කලින් කිව්ව වගේ ආදරේ වගේ පුංචි පුංචි දේවල් වෙනුවෙනුයි. අඬල දොඩලා, රණ්ඩු වෙලා, ආයාචනා කරලා, කෑ ගහලා ඒ හැමදේකට පස්සෙ ගෑනියෙක් නිහඬ වුණොත්… ඒ සදාකාලෙටමයි දේවේන්… එහෙම වුණු ගෑනියෙක් ආයෙත් හැරෙන්නෙ නෑ. සක්කරයා ආවත් එහෙම ගැනියෙක්ව ආයෙ හරවන්නත් බෑ… අන්න ඒ ටික හොඳට මතක තියා ගන්න…”

  • මල් උයන්-Mal Uyan
    20 % OFF

    මල් උයන්-Mal Uyan

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    ජීවිතයේ සමහර දේවල් සරලව අත් විඳිය යුතු අතර කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ප්‍රේමය යනු එවැනි දෙයකි.

    ඉතින්…

    බලා සිටීම දුෂ්කරම දෙය බව මම අත්දැකිමෙන් ඉගෙනගෙන ඇත්තෙමි. එනමුත් ඔබ නොඑන බව දැන දැනත්… ඔබ මා අසල නැති බව දැන දැනත්… එවැනි මොහොතවල් වලදී පවා ඔබ මා සමඟ සිටින බවත්, අප ප්‍රේමයෙන් වෙලි ඇති බවත්, හදවතට දැනවීමට අවශ්‍යයි. එය ප්‍රේමය නම් සරලව මගේ වේදනාවෙන් හඬන වැලපෙන හදවතට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම නොදනිමි. ලතැවි ලතැවී සිටම දැන් දැන් හැගීම් කල් ඉකුත් වීමට ආසන්න වී තිබෙයි.