SHOP
  • 9 % OFF

    කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |

    Original price was: රු3,500.00.Current price is: රු3,200.00.

    කස්තුරි සුවඳ…
    Romance, LGBTQIA+, New Adult
    *මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

     

    පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

    “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

    – රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

  • 15 % OFF

    අසහාරා – Asahaaraa

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

    එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

    න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරිරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුණු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයන් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ මිලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

    නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

  • 15 % OFF

    සිංහ සෙයියාව – Sinha Seiyawa

    Original price was: රු1,250.00.Current price is: රු1,062.50.

    සිංහයා ස්ව ජාතික සංකේතය වශයෙන් සැලකූ ජාතියක ඉරණම සැමදා එක සේ එකවන් ව පැවැතියේ නැත. වරෙක ප්‍රතාපවත් ව ද, වරෙක ලොම් හැලුණු මහලු වෙසකින් ද ඒ අභීත සිංහයාට දිවි ගෙවන්නට සිදු වූයේ ය. සිංහ සෙයියාව යනු සිංහයාගේ විවිධ ඉරියව් නම් මේ පරිණාමය ද සිංහයාට නන්විධ ස්වරූප ලබාදෙන්නට හේතුවූයේ ම ය.

  • 15 % OFF

    රන් නාරි කුඤ්ජරය – Ran Nari Kugnjaraya

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?

    එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.

    හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී. ‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.

  • 15 % OFF

    මරකත ඵලකය (#02) – Marakatha Phalakaya

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.

    යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!

    ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණු වල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?

    සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද?

    අමරණීයත්වයේ රහස මොහු සතුද?

    යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය.

    මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත. මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.

  • 15 % OFF

    මරකත පිළිලය – Marakatha Pililaya

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්…

    පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්…

    නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්…

    රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද..?

    ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වාභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.

  • 10 % OFF

    ජයතිස්ස සහ රොස්ලින්-Jayathissa Saha Rosalin

    Original price was: රු700.00.Current price is: රු630.00.

    ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

  • 10 % OFF

    අක්කර පහ-Akkara Paha

    Original price was: රු900.00.Current price is: රු810.00.

    සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත. අඩසියවසක් පුරා පාඨක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මේ නවකතාව විවිධ විභාග සඳහා නිර්දේශ වී ඇති අතර සිනමා සිත්තමට ද නැගුණු අපූරු ගද්‍ය කාව්‍යයකි. 1959 වර්ෂයේ පළ වූ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන දොන් පේද්‍රිස් ත්‍යාගය ද දිනාගන්නා ලදී.

  • 10 % OFF

    දහස්පෙති-Dahas Pethi

    Original price was: රු800.00.Current price is: රු720.00.

    වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

  • 10 % OFF

    ලාබයි ඇපල්-Labai Apple

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි

  • 10 % OFF

    ඕරා-Ora

    Original price was: රු850.00.Current price is: රු765.00.

    අන්තර්ජාලය, නවීන තාක්ෂණය සමඟ මුසු කරගනිමින් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස මෙම කෘතිය රචනා කර ඇත. විද්‍යාත්මක සංකල්ප හා දාර්ශණික මතවාද එකතුවෙන් නිර්මාණාත්මක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය පාඨකයා අතට පත්

  • 10 % OFF

    කන්නි-Kanni

    Original price was: රු750.00.Current price is: රු675.00.

    සුදු පාට පිටුවක කාබන් පෑනකින් ලියූ ජීවිතය මකා දමනු නොහැකිව ඉරා දැමූ යුවතිය, ආපසු හැරී නොගොසින් ඒ මගෙහිම සුවපහසු බව සොයාගත්තාය. අළු යට තිබු ගිනි පුපුරු සැණින් දැල්වෙද්දී ඇයට කුමක් වේවිද? ආදරය, විරහව, විශ්වාසය, රැවටීම හමුවේ නොපෙනෙනා මානයක වහන් වූ ජීවිතයක ඉරණම, ‘කන්නි’

  • 15 % OFF

    සාපේක්ෂණි-Sapekshani

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    වන්නියේ ජන ජීවිතය මුර්තිමත් කරමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ ‘සාපේක්ෂණි’ පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්‍රබෝධවත් කරන නිර්මාණයක, නවතම මුද්‍රණයයි.

  • 20 % OFF

    තේ තවම උණුසුම්-The Thawama Unusum

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

    “සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ.”

    – සෙල්වී –

    “මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු.”

    – වේලු –

    “මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරගන්ට”

    – කොවේහාමි –

    “මාත්තයා මේක වීලු නෙමේ. මේක එත්ත. මාත්තයා මංගෙන් වෙඩ ගත්තා මංට ගෙව්වෙ නේ. මං ගෙ කුලීය දෙන්ඩ මාත්තයා. පීය ගන්ඩ ෂල්ලි දෙන්ඩ. පීය ගන්ඩ ෂල්ලි දෙන්ඩ.

    – සුරේෂ් –

  • 20 % OFF

    චන්‍ද්‍රාග්නි-Chandragni

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    “බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”

  • 9 % OFF

    කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |

    Original price was: රු3,500.00.Current price is: රු3,200.00.

    කස්තුරි සුවඳ…
    Romance, LGBTQIA+, New Adult
    *මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

     

    පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

    “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

    – රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

     

    කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…

    “ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”

    – සුවහස් මනරු හැඩපත්විල –

    Romance, LGBTQIA+, New Adult

  • 10 % OFF

    ඇහැල සුවඳ-Ehela Suwanda

    Original price was: රු1,290.00.Current price is: රු1,160.00.
  • 10 % OFF

    බිම්මල්-Bimmal

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • 10 % OFF

    මුතු මණ්ඩපම්-MUTHU MANDAPAM

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • 10 % OFF

    13 කණුව-13 Kanuwa

    Original price was: රු700.00.Current price is: රු630.00.

    පාළු මාවතක සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්,

    රැයෙහි මාර්ගයේ ගමන්කරන තරුණිය සහ කුඩා දරුවා කවුද?

    ඔවුන් හමුවට එන තරුණයෙක්!

    සියල්ලටම හේතුව 13 කණුවද?

  • 10 % OFF

    කුලාන් ඔෂිරෝ සහ සේද-Kulan Oshiro Saha Seda

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    හිරුටො, මගෙ හුරතල් පූස් කොල්ලො… ඔයා දවසක මේ හැම දේම යෙනූට කියාවි. ඔව්…! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි.

    අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉඳීවි. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුළුවන් ගශෝ ශුකුරි ක්‍රමයෙ වහලක් වගේ යෙනූ ශක්තිමත්.

    ඔව්!.. මේ මහ පොළොව එක්ක ඈ කතා කරනව උඹට ඇහේවි. හරුටො, ඇත්තට ම මගෙ පූස් මහත්තයො… දවසක උඹ හුඟක් දේ කතා කරාවි…

  • 30 % OFF

    කොන්ත්‍රාත්තුව-Konthraththuwa

    Original price was: රු1,300.00.Current price is: රු910.00.

    “තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..?”

    “ඔව් මිස්… මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ්‍යයි, දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා…”

    “ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..?

    “මිස්ට කියන්න අපටත් පුදුමයි… විසිතුන් දෙනෙක් අපට කතා කලා… ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ…”

    “සල්ලි වලට..?

    “ඔව්… ඒ ගැන එක එක්කෙනා, එක එක ප්‍රශ්න කිව්වා ඒගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව…”

    “ඒ කිව්වේ…?

    “එක පිරිමි කෙනෙක් කතා කරලා කිව්වා, එයාගෙ දුවට මොකක්ද යුනිවර්සිටි එකක් කෝස් එකක් කරන්න ලක්ශ හයක් ඕනේලු, ඒ නිසා එයාග් වකුගඩුවක් විකුනලා හරි ළමයට උගන්නන්න හදන්නේ කියලා. තව එක්කෙනෙක් කිව්වා, එයා හම්බ කරන් කන ත්‍රීවීල් එකේ වාරික ටික ගෙවා ගන්න බැරි නිසා වකුගඩුවක් සල්ලිවලට විකුනලා ඒක ගෙවාගන්න හදන්නෙ කියලා. තව කෙනෙක් කිව්වා, දරුවෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි නැතුව වකුගඩුවක් විකුනලා ඒ සල්ලි වලින් ළමයගෙ ඔපරේෂන් එක කරන්න හදන්නෙ කියලා… තව හාමුදුරු නමක් කතා කරලා කිව්වා, දඹදිව වැදගෙන එන්න යන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ, ඒ නිසා වකුගඩුවක් දෙන්න හදන්නෙ කියලා…”

  • 30 % OFF

    රිබෙයිරෝ දුටු ලංකාව-Ribeiro Dutu Lankawa

    Original price was: රු1,980.00.Current price is: රු1,386.00.

    දාසය වන ශත වර්ෂයේ දී පුර්තුගීසි ජාතික ජෝවෝ රිබෙයිරෝ ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ඔහුගේ වයස අවුරුදු 19 ක් විය. හේ පුර්තුගීසි හමුදාවට බැඳී, අවුරුදු 18ක් මෙරට රජවරුන් සමඟ සටන් කළේ ය. ඒ අත්දැකීම් ද, එකල මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන පසුබිම ද විස්තර කරමින් හෙතෙම, සිය මහලු විය ලිස්බනයේ ගත කරමින් සිටිය දී මේ ග්‍රන්ථය ලියුවේය.

    වර්ෂ 1909 දී පී. ඊ. පීරිස් දැරණියගල විද්වතා, මුලින්ම පුර්තුගීසි භාෂාවෙන් ලියැවුණු මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ ය.

  • 10 % OFF

    ඔයයි මමයි තව දෙන්නයි-Oyai Mamai Thawa Dennai

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැනගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා. වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩ නගන්න ඕනේ.

    මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ”මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීම් අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණා වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්.

  • 10 % OFF

    මගේ ආදර අවනඩුව-Mage Adara Awanaduwa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත්… සිත් නෙත්…. සිත් නෙත්.. හඬ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දේදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන්, මෙතැන, ගොළු ය. පැමිණිලි කූඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ විණාවක තත්වලිනි. මා මුව ද ගොළු ව ඇත. පෙනෙනතෙක් මානයෙහි දිය පොදක් නැත. එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි. මක්නිසාදයත් අමපැන් ඉල්ලා භළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි. කිසිදා නොදුටු නාඳුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතු ය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නො කරන්න. එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි.

    මෙතැන් සිට මේ ප්‍රේමණීය උසාවිය ඔබට බාරය. මේ, මගේ ආදර අවනඩුව !

  • 15 % OFF

    පෘථිවි-Pruthivi

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

    ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය.

    ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.

    ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු

    යක්ෂයෙකු වීමට බලපායිද…’

    හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්

    ඈත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්

    බැලු‍වේය.

    ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා

    හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය

    බිඳ වැටෙනු ඇත!’

    තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ

    කරගත්තේය.

    ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ

    ඇස් මානයෙන් ගිලිහිණි.

  • 15 % OFF

    කළු – ඉසුරු හිදැල්ල ආරච්චි

    Original price was: රු1,250.00.Current price is: රු1,062.00.

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

  • 15 % OFF

    ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා-Srungara Danawwe Uma Shakya

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    “මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
    ඇය කීවාය.

    “ඒක පුදුමයි… ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ…
    ඔයාට වඩා මම දුර්වලයි…”

    “ඔයා දුර්වලයි නෙවෙයි,
    ඔයා ආදරණීයයි…”

  • 30 % OFF

    Special 30% Discount

    රු770.00රු1,575.00
    Select optionsLoading Done This product has multiple variants. The options may be chosen on the product page
  • 10 % OFF

    මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

    Original price was: රු700.00.Current price is: රු630.00.
  • 10 % OFF

    කැමේලියා – Camellia

    Original price was: රු975.00.Current price is: රු875.00.

    2024 ස්වර්ණ පුස්තක සම්මනය හිමි වු කෘතිය

  • 20 % OFF

    එකට එක – Ekata Eka – The Happy Family

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    “මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
    ඒ එදා උදේම මට ආපු ඇමතුම…

    මං මුහුණුපොතට ගියා…

    දෙයියනේ…
    මගේ නිරුවත් පින්තූරයක්…

    ඒත් එක්කම තව ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!

    ඇත්තමයි,

    මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…

    ඒත්…
    ඒ මමමයි.

    මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

× Whatsapp Us