Showing 1–32 of 306 resultsSorted by latest
කිසිදා හිරු එළියවන් නොවැටෙන, අඳුරු අට්ටාලයක සිරගත කළ, ශාපලත් අනාවැකියේ හිමිකාරිය වූ සොඳුරු ඇය….
ක්‍රිස්ටල් මේරි කොන්ස්ටන්
මිනිසුන්ට, මළ – නොමළ අත්මයන්ට, සහ අනුෂ්‍යයින්ට මෙන්ම ශීතලට, යුද්ධයට හා අදුරට අධිපති වූ රණශූර ඔහු…
ෆ්‍රෙෂ් මැෆීල්ඩ්
ඇසිල්ලකින් සිදුවූ ඔවුන්ගේ හමුවීම…
ඔවුන්ගේ දෛවය කෙතරම් වෙනස් කරයිද?
බලය සහ සිහසුනේ අනාගත හිමිකාරීත්වය වෙනුවෙන් සැඟවූ රහස් සහ මායාවන් අතර දෝලනය වන ඔවුන්ගේ අසීමත වූ ප්‍රේමය…
ශාපලත් අනාවැකිය සැබෑ කරයිද?
අවසන ඇය විසින් සර්වනාශ උපද්දවනු ඇතිද?
එසේනම් මැන්ස්ෆීල්ඩ් සිහසුනේ අවසානය එය වේවිද?
“සිහින.. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්.. ඕනම දෙයක්.. මට මගේ දරුවාව ගෙනල්ලා දෙන්න සිහින.. කොහෙන්හරි මට මගේ අහිංසක දරුවාව ගෙනල්ලා දෙන්න.. මේ දේවල්වලට මගේ බඩට ආපු අහිංසක දරුවා මොනා කරන්නද..? එයා මොන වරදක් කළාටද ඒ දරුවාට එහෙම කලේ..? කවුද දන්නේ ඒ වෙන කාගෙවත් නෙමෙයි ඔයාගේම දරුවාද කියලා.. කවුද දන්නේ ඒ පැටියාගේ ඇගේ දුවන්නේ සිංහවංශ ලේමද කියලා..”
මියැසි අඬ අඬා කිව්ව ඒ වචන ටික ඇහෙනකොට සිහින මොහොතකට ගල් ගැහුණා. තමන් ගත්ත සමහර තීරණ හරිද වැරදිද කියලා හිතාගන්න බැරි තැනකට සිහින ආවා. එත් ඒ කිසිම දෙයක් ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මේ වෙද්දි තිබුණේ.
“ජානකී ඔයාත් දැක්කාද කවුරුහරි කෙනෙක් බැල්කනියේ හිටන් ඉන්නවා වගේ..?”
මේධා පුදුමයෙන් වගේ ඇහුවා.
ඔව්.. මං හිතුවේ ඒ අලුත් මැණිකේ කියලා..”
නෑ නෑ.. ඒ මං නෙමෙයි.. වෙන කවුද කෙනෙක් හිටියේ.. මාත් මේ කවුද ඉන්නවා දැකලා බලන්න යනකොට තමයි ජානකී ඇවිල්ලා මට කතා කළේ..
” ආහ්.. අනේ දෙයියනේ ඒ කියන්නේ අලුත් මැණිකේ මේ දැක්කේ..”
ජානකී මොනවදෝ කියන්න ගිහින් නතරවුණා. තමන්ට රතු ලෙන් වලව්වට අඩිය තියපු වෙලාවේ ඉඳලා දැනෙන අද්භූත දේවල් හැමදේම පිටිපස්සේ හැංගිලා තියෙන රහස ගැන මොනවා හෝ දෙයක් ජානකී දන්නවා ඇති කියලා එවෙලේ මේධාට හිතුණා.
සොත්ති මාලා හිඳ උන් තැනින් නැගිට්ටාය. නැත. ඈ නොවේ. ඇය තුළ උන් ගැහැනු ආත්මය නැගිට තිබිණි. රැය පදික වේදිකාවේ ලෑලි පටි බංකුවේ නිදන්නට තීරණය කර උන් අනාථ යුවතිය – ශාක්‍යා ළඟට ඇය කිට්ටු විය. ලොතරැයි විකුණන බාලා ඊට ටිකක් දුරින් ශාක්‍යාට කෙළ හළා ගත් ගමන්ය.
“වරෙං යන්ඩ…”
මාලා ගහෙන් ගෙඩි එන්නා වාගේ යුවතියට කීවාය.
“කමක් නෑ අක්කෙ… මං අද රෑ මෙතන නිදා ගන්නවා…”
ශාක්‍යා කීවාය.
උඹ මෙතන නිදා ගත්තොත් හෙට උදේට බඩ වෙලා තියෙයි. ගෑනියෙකුට වරදින්ඩ ඒ හැටි වෙලාවක් යන්නෑ බං… උඹට වරදින්ඩ බීඩි දුමක දුර ඇති..” මාලා .මේ ඇනුම් පද කියන්නේ තමාට බව ඒ වනවිටත් බීඩි දුමාරය රවුම් කරමින් උන් බාලාට තේණ.
ලේන්සු පොඩියක් තරම් දෙයක් අතේ නැතුව ශාක්‍යා මාලා පස්සේ නාටාමි වත්තට අඩිය තියන්නට මහ පාරින් ඇරඹි මනුස්සකම හේතු වී තිබිණි. ලෑලි-ටකරන්-තහඩු ආදී අතට අහුවෙන කොයිදේත් එකතු කර තැනූ නාටාමි වත්තේ ගෙවල් පේළිය ශාක්‍යාට පුදුමයක් විය.
අපට ඉතිං ස්ථීර රස්සා නෑ.. ජීවත් වෙන්ඩ අතට අහුවෙන කොයිදේත් කරනවා. උඹටත් දැන් ඒවට පුරුදු වෙන්ඩ වෙයි.. හැබැයි මොනා කළත් ජීවත්වෙන්ඩ මං තාම මාව විකුණල නෑ.. ඒ හින්ද උඹව විකුණන්නෙත් නෑ.. උඹ බයවෙන්ඩ එපා…”
මාලා ශාක්‍යාට කීවාය.
සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙනවාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණ. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සාරාට පුදුම ඒක නොවේ.
කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි.
”දෙයියනේ රාජා අන්කල්….’”
සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.
“ක්…ග්.. හ්…”
බිම වැටී උන් පුද්ගලයා වියරුවෙන් මෙන් දඟලයි. ඒ දඟලන අයුරින් ඔහු ජීවිතයත් මරණයත් අතර උන් බව සාරාට තේරිණ.
“රාජා අන්කල්…”
සාරා බිම වැටී උන් පුද්ගලයා වෙතට ළංව කතා කළාය. ඇය මේ වෙලාවේ තමා මේ ගෙදරට රහසේ ඇතුළුව උන් බව අමතක කළාය. ඒ ආවේ පළිගන්නට බවත් අමතක කළාය. ඇයට උවමනා කළේ මේ වෙලාවේ මේ බිම වැටී දඟලන පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත් ඊළඟ තත්පරයේ රාජා සදහටම දෙනෙත් පියවගත්තේ සාරාගේ හිතේ භීතියක් ඇති කරමින්ය.
කෑගසන්නට උවමනා වීද මගේ දෙතොල් සෙළවුණේ වත් නැත. මා කොතරම් භීතියට පත්ව සිටියා දැයි කිවහොත් හුස්ම පවා ගත්තේ අපහසුවෙනි. සිය සාක්කුවට අත දැමූ මිනිසා අතට ගත්තේ කිනිස්සකි. එය අතින් අතට මාරු කරමින් මොහොතක් මදෙස බලා සිටි ඔහු අමුතු ආකාරයට සිය ගෙල එක් පසෙකටත් පසුව අනෙක් පසටත් කරකවමින් පෙන්වූයේ උමතු ස්වභාවයකි. වෙස් මුහුණේ වූ කුඩා සිදුරු දෙකෙන් යාන්තමට නිරාවරණ වූ ඇස් බෝල තද රත් පැහැයක් ගෙන තිබුණි.
ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය.
දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය, දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැන නැඟුණේද එවිටය.
පියා, පුත්‍රයාට යටත් විය යුතුද?
පුත්‍රයා, පියාගේ අභිමතාර්ථය ඉදිරීපිට අඩදැණිව ඉවසිය යුතුද?
මේ අන්ධකාරයට නතූ වූ පියෙකුගේද, තම පියා අන්ධකාරයෙන් මුදා ආලෝකය කරා රැගෙන ඒමේ අරගලයක සංසාරගතව යෙදුණු පුත්‍රයෙකුගේද අනුවේදනීය කතාවයි!
පෘථිවියේ ලස්සනම ගැහැනියට හා
කොබෙයිගනේ මහ වලව්වේ
හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු
දියණිය නිර්මාණා නම් විය…
ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත්
මන්ත්‍ර බලයකින් උපන්
මුරණ්ඩු මන්ත්‍රකාරියක විය…
පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්…
අතීතයත් අනාගතයත් බුදු දහමත්
එක මිටකට ගනිමින්
මේ කතාංගය දිග ඇරේ…
ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන්
සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය
මෙහි වසර දස ලක්ශයක වෛරය හා
වසර දස ලක්ශයක ප්‍රේමය
සුමටව පිරි මදිනු ලබයි…
මේ ඇගේ කතාවයි
ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ
නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි…
නොපෙනෙන මානයක බැඳුනු.. අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය, සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්.. නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වූ අතීශය කඩවසම් තරුණයෙක්.. මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්… වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය.. ද්වාරි ස්වර නම් වේ…
ගෙවී යමින් තිබුණේ ගොම්මන් අඳුර පරිසරයට ඉව අල්ලන්නට සූදානම් වෙමින් උන් හෝරාව වුව ද හතර අතින් වට වී තිබූ අතුපතර විහිදි තුරුලතා නිසා රිදී කඳුර අවට පමණට වඩා අන්ධකාරයක් රජයන්නට වූවේ ය. එක් පසෙකින් තැන්නගල වලව් වත්තේ දිගු මායිමත් අනික් පසින් ජලයෙන් පෝෂණය වූ රිදී කඳුරත් අතර තිබූ නවීකරණයට බඳුන් නොවූ එම අඳුරු අඩි පාරේ ගොම්මනේ ගමන් ගත්තේ හිත හයිය එහෙමත් එකෙකු පමණි.
ඕකෙ හොල්මන් තියෙනවා.
හවසට කඳුර දිගේ මොකදෝ මන්දා දෙයක් පාවෙනවා.”
සමහර දවස් වලට හීන් හඬින් ගෑණියෙකුත් කෙඳිරි ගානවා ඇහෙනවා. ඒ රිදී කඳුරට යාබද ඉසව්ව ගැන ඉස්සර සිටි ගම්මුන් කී ගුප්ත කතා ය. නමුත් ගෙවුණු නුදුරු අතීතය ඇතුළත කිසිවෙකු හොල්මනක් ඇහින් දුටු බව කීවේ නැත. කිසිවෙකුට ගැහැණියකගේ කෙඳිරිල්ල ඇසී තිබුණේ ද නැත. මේ නිසා මෙම ගුප්ත ඉසව්ව ගැන පෙර තරම් බියක් ගම්මුන් අතර දැන් නොවිණි.
තත්ත්වය එසේ වුව ද ගොම්මන් අඳුර මැද තනිපංගලමේ රිදී කඳුර අසලින් ඇවිද යන පිරිස අදටත් අල්ප ය.
**********
“මොකද්ද වුණේ බණ්ඩෝ… මොකද මේ බෙරිහන් දෙන්නේ…”
කලබලයෙන්ම බණ්ඩා අසළට ඇවිද ගිය වජිර තුෂ්නිම්භූතව අසද්දී, බණ්ඩා කුමක්දෝ පැවසුවද ඒ කිසිවක් පිටතට ඇසුණේ නැත.
“ගොළුද යකෝ ඒ ගමන උඹ. කතාකරපන්… මොකද්ද වුනේ?”
මේනකාද සිටියේ තැතිගැන්මකිනි.
“භා…භා…වනා මැණි…කේ භානා… භා..වනා මැණිකේ…”
“භාවනා…? භාවනාට මොකද?”
වජිරගේ හදවතේ ගින්නක් නැගුනේ භාවනාගේ නම ඇසුණු සැනිනි.
“අපේ ආග්‍ර… අ…පේ ආග්‍ර…”
“ආග්‍ර?”
මේනකා දෑස් විසල් කරගෙන ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවය.
“ආ..ග්‍ර… භාවනා මැණි…කෙව මරලා…”
බණ්ඩාට පවසන්නට ලැබුණේ එපමණකි. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් පොළව මතට ඇද වැටෙද්දී වජිරගේ පමණක් නොව මේනකාගේ හදවත් ගැහීමද මොහොතකට නතර විය. ඒ සියල්ලන්ටම වඩා ඔවුන් තිදෙනාටම පිටුපසට වී වලව්වේ ද්වාරය අසළ සිටගෙන සිටි ආග්‍යට දැනුණේ මුළු ලොවම තත්පර කිහිපයකට නතර වූ සෙයක්ය.
බණ්ඩාව මේනකාට බාර දුන් වජිර, වම්පස පපුව අල්ලාගෙනම දුව ගියේ ඇත්ගාල වෙතටය. ඒ වන විටත් අනෙක් ඇත් ගොව්වන් දෙදෙනා සේම වලව්වේ වත්තපිටියේ වැඩකරන සියලුම දෙනා වටවී යමක් දෙස බලා සිටිනා අයුරු ඈත තියාම වජිර දුටුවේය. ඔහු එදෙසට පියවර තැබුවේ සිතාමතා නොවේ. සිහිනයකින් මෙනි.
“ලොකු හාමු…”
වටවී සිටි සියලු දෙනා දෙපසකට වී වජිරට භාවනා අසළට පැමිණිමට ඉඩ ලබා දුන්හ. භාවනාව දුටු වජිරට දැනුණේ මුළු සිරුරම පණ නැතිවී යන්නාක් මෙනි. භාවනාගේ සිරුර පොඩි පට්ටම් වී තිබුණි. මුහුණ සීරී පමණක් තිබුණද පපු පෙදෙස තැලී තිබුණේ බිහිසුණු ලෙසය. ඇයගේ සිරුරෙන් ගලා ගිය රුධිර දහරාව ඈ වටාම ගලා ගොස් නතරව තිබූ තැන වූයේ ඇත් පාදයකි. ඒ ඇත් පාදයද ලෙයින් නැහැවී ඇති අයුරු දුටු වජිරගේ නෙතු ටිකෙන් ටික ඉහළට එසවෙන්නට වූවේය.
හොඬවැලද හකුළාගෙන තත්පරයකට හෝ දෑස් එහෙ මෙහේ යා නොදී භාවනා දෙසම බලා සිටියේ වෙන කිසිවෙක් නොව භාවනා මුළු හදවතින්ම ආදරය කළ… අවසානයේ ඇයව මරු තුරුළට යැවූ ඔහු… ආග්‍ර ය
අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත්‍රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ. ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි. “උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා….’ ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතුව ආවේය. ඒ ගැහැණු රුවකි. ක්‍රමයෙන් විශාලව ගිය එකී රුව ගඟුල් දෙසට දෝත විහිදුවමින් විලාප දෙන්නට පටන් ගත්තේය. “මට වෙච්ච අසාධාරණේට මට පලිගන්න ඕනේ..මට යුක්තිය ඕනේ.” හඬමින්, ගඟුල්ගේ ගෙල මිරිකන්නට උත්සාහ කරමින්, අර රූපය කෑගෑවේය. ගඟුල් දෙනෙත් ඇරියේ බියෙන් වෙව්ලමිනි. වරින්වර තමාට පෙනෙන මේ සිදුවීම් මොනවාද?. මේ කිසිවක් තමාගේ ජීවිතයට සම්බන්ධ ඒවා නොවන බව ඔහුට විශ්වාසය. මේ අද්භූත සිදුවීම් සියල්ල ආරම්භ වූයේ ඒ අවාසනාවන්ත රිය අනතුරෙන් පසුව බව ඔහුට මතකය.
අසාමාන්‍ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික්‍යය බව ජෛත්‍රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ.
කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ්‍රින්දාරාම් වහා ක්‍රියාත්මක වූයේය.
කළුවන් රෙදි කඩකින් නාග මාණික්‍යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය තුළ බ්‍රින්දාරාම් නාග මාණික්‍යය තමා සතු කර ගත්තේය.
සිදු වූ කිසිවක් වටහා ගත නොහැකි අසරණ සත්වයා වහා වටපිට බැලුවේය. ආලෝකය අතුරුදන් ව ඇත. ආලෝකය විහිද වූ සිය ප්‍රාණය හා සමාන, හදවත හා සමාන, හුස්ම හා සමාන මාණික්‍යය ද අතුරුදන් ව ඇත.
වවුල් බැද්දේ මහ දිවුල ළඟ ගල් තලාව මත දල්වන ලද විලක්කු කීපයක් ගජරාමෙට ඇවිළෙමින් තිබිණ. ඒවායේ එළියෙන් බබළන අංග සම්පූර්ණ මල් තටුවකි. අඩුවකට තිවුණේ කුකුලෙක් විතරය. කුකුල් බිල්ලේ අඩුව පුරවන්න සූදානම් කළ මිනිස් බිල්ලක් එතන තිබිණ. ගල් පොත්ත මත්තේ දිගා කළ ගැහැනු දරුවෙකුගේ අතපය ගැට ගසා තිබිණ. මේ සියල්ලට ඉහළින් හිටගෙන දහඩියෙන් තෙමීගිය නිරුවත් උඩු කයින්ද, ඉනට ඇඳි සුදු සරමින්ද යුත් මැදිවියේ පිරිමියෙක්ය. හේ ආවේශයෙන් වාගේ ඉන දවටා ගත් බෙරයකට තළමින්, යාතිකා කියා මොරදෙන්නේය. ඔහුගේ ගෝලයායි සිතිය හැකි තවත් එකෙක් දුම්මල ගහමින්, විලක්කු නොනිවා තබා ගනිමින් ආවතේව කරයි.
‘ඕ ඔඩ්ඩි රීරි මහසෝන් වරං.. ඒස්වා නමාය..
ඕ ගල ගුගුරුවා හෙණ වගුරා වඩින් නමාය..
යකදුරා බෙරයට දෙවෙනි නොවේ. ගොරෝසු කටහඬින් පළාතම දෙදෙරවා යන සද්දෙකින් මන්ත්‍ර ජප කරන්නේය. බෙර හඬට, ඒ ගිගිරුමට එකතුව හදවතට දැනෙන භීතිය උත්සන්න කරවමින් අවට පරිසරයේ ද යමක් සිදුවෙමින් පැවතිණ. වැහි වලාවක ලකුණක් නොවූ අහසේ කොහේදෝ තැනකින් අකුණක් කෙටුවේය. තැන නිශ්චිත නැතත් අකුණු පහරේ දීප්තිමත් එළියෙන් සැඟව සිද්ධිය බලා උන් තිදෙනාගේ ඇස් ගිනිකන වැටිණ.
ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්…
සන්නාසියකු සේ මිනිස් සමාජයෙන් ඈත්ව වනගතව ජීවත් වන මිනිසෙක්..
සිය පෙම්බරියගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..
එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසුරුණු නොවිසිදුනු රහස් රාශියක්..
මේ සියල්ල නිහඬව දකිමින් ඒ සියල්ල විසඳා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..
කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය.කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනිය ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬ බව සමඟ පරිසරයට ගුප්ත බවක් එක් වී ඇත.ඒ නිහඬ ගුප්ත බව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.
මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේ ය. කුඩා දවසේදීන් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ. තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.