Showing 1–32 of 38 resultsSorted by latest


අපි හිටපු කුලී ගෙදර තිබුණ අඹ ගහේ අඹ ගෙඩි තුනක් තිබුණා. ඒ අඹගෙඩි තුනෙන් අඹ ගැටේ වැටුන දවසේ ඔයා ඒක අහුලගෙන අඹ පුතා වැටිලා, දැන් අඹ අම්මටයි තාත්තටයි කෝ අම්මේ පුතෙක් කියලා මූණ බෙරි කරගත්තා. එදා මුළු දවසම ඔයා දුක් උනේ අකාලෙ වැටුණ අඹ පුතා ගැන. ගහ ගාවට ගිහින් ඉතුරු අඹ ගෙඩි දෙක දිහා බල බල ඕගොල්ලන්ට දුකදු කිය කිය ඔයා ඇහුවා. සැරින් සැරේ මං ගාවට ඇවිත් අම්මේ අඹ අම්මයි තාත්තයිත් වැටෙන්න යන්නෙ කියල කිව්වා. එදා ඔයාගෙ චූටි හිත සැනසෙන්න මට කොයිතරම් දේවල් කිව්වත් ඔයාව අඹ ගහ ගාවට දුවන එක මට නවත්තගන්න බැරි උනා. පහුවෙනිදා අනික් අඹගෙඩි දෙකත් බිම වැටිල තිබුණා.
අම්මේ අඹ අම්මයි තාත්තයි වැටිලා. ඔයා අඹගෙඩි දෙක දෝතට අරන් ආවා. පුංච් රවුම් ඇස් ඇතුළේ කඳුළු පුරෝගෙන අම්මෙ මට දුකයි. කියලා ඔයා කිව්වා.

එකපාරටම සටපට සත්තපඩි වෙන්න මේ මෑණියෝ කෑ ගහන්න පටන් ගත්තා.
“හහ් හහ් හහ් පිරිසිදු නෑ පිරිසිදු නෑ මේකි පිරිසිදු නෑ… මට කියවෙන්නෙ නෑ සාස්තරේ..” මම අන්දුන් කුන්දුන් උඩ බැලුවා බිම බැලුවා. ගෑනි මට ඔරෝනවා. බෝඩිමේ අක්කයි අයියයිත් මූණ දිහා බලනවා.
“අපි දවල් චිකන් කාපු හින්දද දන්නෙ නෑ”
අයියා අක්කගෙන් ඇහුවා. මෑණි අඩි පොළොවෙ හැප්පුවා. කොණ්ඩෙ කඩා ගත්තා ත්‍රිශූලයකුත් ගත්තා කාලි මෑණියක්ගේ පිළිමෙ ගාවට ගිහින් අම්මා අම්මා චුස් බුස් වැස් ආම ආමා ගගා මොනවද කිව්වා. ඊට පස්සෙ හැරුණා බෝඩිමේ අක්කා දිහාට හෙනම කරුණාවෙන් ”අම්මා කවුද මේකි මේකි පිරිසිදු නෑ ශුද්ධ භූමිය කිළුටු කළා අම්මා මෙකි. මට සාස්තරේ කියවෙන්නෙ නෑ අම්මා මේකි කිටු එකියක්..”
යකඩෝ මේ ගෑනි මේකි මේකි ගගා කියවන්නෙ මට ත්‍රිශූලේ උලුක් කරන්නෙ මට අනින්න වගේ මට නැග්ගා අසූහාරදාහට මම කිව්ව මම එන්න කලින් නාල ආවෙ කියල උදේ නාල ඔෆිස් ගිහින් ඇවිත් වොශ් දාල නිදාගන්න කලින් ආපහු ඇඟ හෝදන මට පිරිසිදු නෑ කියල කියද්දි කාටද ඉවසන්න පුළුවන්. බෝඩිමේ අක්කත් කිව්වා,
මෑණියනි මේ නංගි හැමදාම නානවා” කියලා.

මම ලෙඩෙක් මට ලෙඩක්
ආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි
ආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිඩ් ෆීල්ඩ් න්‍යාය –
දුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –
කලිසමේ චූ ගියාට එච්චරම ගඳ නෑ –
අපි මේ ඉන්නේ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –
පැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –
චිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –
දේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –
ජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි

1961 අප්‍රේල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේය. ‘තරු මගට පිවිසුණෙමි’ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයන් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.


ජීවිතය යළි සොයාගැනීම “තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ. කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා. මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළාම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”

අලුත් සමාජය
“අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.
අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට ‘පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.
අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..
ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. “

වියට්නාම යුද්ධයේදී නවීන තාක්ෂණයෙන් සහ යුද බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු හමුදාවට ජයගත හැකි නොවූ මහත් සංකීර්ණ අවුල් ජාලයක් බවට පත් වූයේ වියට්කොංවරුන්ගේ උමං ජාලයය.
මේ උමං ජාලය කැණීම් කරන්නේ ඇමරිකානු කඳවුර පිහිටි දකුණු වියට්නාමයේ කු චි දිස්ත්‍රික්කයේ පොළව යටය.සැතපුම් 200 ක් පමණ දිගු උමං යොදාගෙන සිරුරින් කුඩා වියට් කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන ආකර්ෂණීයය.…

2 වැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වූ පෝලන්තයේ Auschwitz හි කඳවුරු දොස්තර වුයේ Josef Mengele. Auschwitz හි සිදු කල මිනිස් ඝාතන ලක්ෂ 4කට පමණ වග කිවයුත්තේ මොහු බව පැවසේ. එසේම සිය ඊනියා වෛද්‍ය පර්යේෂණ සඳහා ඔහු යුදෙව්වන් සිය ගණනකට කුරිරු වධ හිංසා පැමිණවීය.
දෙවන ලෝක යුද්ධයෙන් නාසින් පරාජය වූ පසු රහසින් පලා ගිය ඔහු දකුණු ඇමෙරිකාවෙ රහස් ජිවිතයක් ගත කර 1979 බ්‍රසීලයේදී දිය නාන්නට ගිය විටෙක ලිස්සා වැටිමෙන් මරණයට පත්විය.
ඔහු සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙන්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන් ගෙන් හා දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධ වලට උපකාර කල වුන් ගෙන් එකතු කරගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත…




මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත. මුල් කෘතිය හා කතෘ :20000 Miles/ Christopher Fenwick පරිවර්තන කෘතිය : 20000 ක සවාරියක් පරිවර්තක : මනෝ ප්‍රනාන්දු



දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.



මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

Laura Ingalls Wilder විසින් රචිත ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද පරිවර්තනය කළ “Little House” කතා මාලාවේ – පරිවර්තන පොත් කට්ටලය (පොත් 10). වන අරණක කුඩා නිවස තැනිතලාවේ පිහිටි කුඩා නිවස මිදි ඔය අසබඩ රිදී විල් තෙර සීතලෙන් සීත වුණ සීත සමය තැනිතලාවේ පිහිටි කුඩා නගරය මේ මිහිරැති සොඳුරු සමය පළමු සිව්වසර ගෙදර යන අතරමග අල්මන්සෝ පුංචි ගොවියා

මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප‍්‍රතිඵලයකි. එය ග‍්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.
විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප‍්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්,
සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග්රන්ථයකි.

ලොව විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය.පුද්ගල මනෝභාවයන්, ලෞකික ආශාව, පවුල, විවාහය, සමාජ තත්ත්වය, ඊර්ෂ්‍යාව යන තේමාවන් නවකතාව තුළින් මනාව විමර්ශනය කර ඇත.



වයි පෙරල්මාන්
Yakov Perelman

වයිද්‍ය සන්තදෙව මුරුතැන්ගෙ

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
සුරංගි ද අල්විස්

අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.
Nick Vujicic

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.Nick Vujicic

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.
Nick Vujicic