SHOP
  • The Judgment
    20 % OFF

    The Judgment

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

    ජීවිතයේ යම් අවස්ථාවක, තමාගේ ම උසාවියක, තමා ම විනිසුරුවරයා වී, යුක්තිය පසිඳලන්නට සිදුවන අවස්ථාවක් පුද්ගලයෙකුට උදාවීමට හැකි ය.. එනමුදු එසේ ලබා දෙන විනිශ්චය වුව ද සර්ව සාධාරණ නොවීමට හැකි ය.. ලොව ඇති ඉහළම විනිශ්චාධිකරණය කර්මය මිස අනෙකක් නොවේ. නිවැරදි ම විනිශ්චය කර්මය සතු ය..

  • සේද සලකුණ - Seda Salakuna (Jacket Cover)-Pre Order
    20 % OFF

    සේද සලකුණ – Seda Salakuna (Jacket Cover)-Pre Order

    Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

    “ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
    “නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
    ‍“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”‍
    “නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”‍
    “තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!”‍

  • මහා ඝාතනය - Maha Ghathanaya
    15 % OFF

    මහා ඝාතනය – Maha Ghathanaya

    Original price was: රු1,950.00.Current price is: රු1,658.00.

    ඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම මාර්ක් ඇන්ටනි වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි.
    මම මොහොතකට මොන්තක්‍රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නොවීම පමණය.

  • කසාදෝ - Kasado
    15 % OFF

    කසාදෝ – Kasado

    Original price was: රු2,000.00.Current price is: රු1,700.00.

    සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප්‍රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය.
    එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය.
    සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි.
    පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ විට මේ සියල්ල උඩුයටිකුරු වී යන්නට ගතවන්නේ එක් නිමේෂයකි.
    මෙකී ඝාතනයට සැකපිට ඇඩම් මෝර්ගන්ව අත්අඩංගුවට ගනු ලැබූ පසු, සාරා මෝර්ගන්ට සිය ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක නඩුවට සැරසෙනු හැරෙන්නට වෙන විකල්පයක් නොවිණ.
    ඇඩම් මෝර්ගන්… කෙලී සමර්ස්ට රහසින් පෙම් කළ බවට, ඇය සිය අනියම් පෙම්වතිය කරගත් බවට වරදකරුද? ඔව්!
    එහෙත් ප්‍රශ්නය එතෙකින් නිමා නොවේ.
    ප්‍රශ්නය… ඇඩම් මෝර්ගන්, කෙලී සමර්ස්ව මරාදැමුවාද?

  • හර්කියුලස්ගේ සොහොන - Herculasge Sohona
    15 % OFF

    හර්කියුලස්ගේ සොහොන – Herculasge Sohona

    Original price was: රු2,200.00.Current price is: රු1,870.00.

    ඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.
    තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.
    දූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.
    එහෙත් ඒ ප්‍රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.
    බලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?
    අත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද?

  • නාරි ශාපය -Naari Shapaya
    20 % OFF

    නාරි ශාපය -Naari Shapaya

    Original price was: රු800.00.Current price is: රු640.00.

    මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරී තිබුණි.
    මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලලී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා ඇරී ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරං යායට යටි පැත්තෙන් වූයේ කුඩා ප්‍රපාතයකි. එම පෙදෙසේ සිට නැඟී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැහැගැන්වීමට සමත් විය.

  • නිමාවක නිල් පැය - Nimawaka Nil Peya
    15 % OFF

    නිමාවක නිල් පැය – Nimawaka Nil Peya

    Original price was: රු2,000.00.Current price is: රු1,700.00.

    ‘මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන්‍ය කලා නිර්මාණයක් ප්‍රදර්ශනයකදී හමුවේ!’
    සුප්‍රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරිකරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් විය.
    වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග්‍රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත්‍රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද?
    වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම සිදුවීම් පෙළේ සාමාජිකයෙකු බවට පත්විය හැකිව තිබිණි!

  • ස්වප්න-Swapna
    10 % OFF

    ස්වප්න-Swapna

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට කඳුකර මන්දිරයකට යන යුවතියක්..
    ඇයට එහිදී අත්විදින්නට සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්..
    එහි සිටින අන් කිසිවෙකු ට අහන්නට දකින්නට නොලැබෙන ඒ සිදුවීම් මාලාව ඈගේ මනෝවියාධික සිතුවිලිම පමණක් ද ?
    නැත්නම් කිසිවෙකුගේ සයවැනි ඉන්ද්‍රීයකට හෝ හසු නොවනා රහසක් ඒ මන්දිරය තුළ සැඟවී පවතීද?
    ගැහැනුන්ගේ ජීවය උරා ගෙන මොහොතකට දෘශ්‍යමාන වන විකෘති ප්‍රාණියෙක්.. වැරදී ගිය විද්‍යාත්මක පරීක්ෂක මිනිස් නියදික්…
    සිය මියගිය පෙම්වතිය සොයා අතීතයෙන් වර්තමානයට පැමිණි මානවකයෙක්… විද්‍යාවද ගුප්ත ශාස්ත්‍රය ද වැරදි අරමුණක යෙදවූ විද්වතෙක්
    ආත්මාර්ථයෙන් තොර සැබෑ ප්‍රේමයක් වෙනුවෙන් ජීවිතය පිදූ විදේශිකයෙක්..
    ඇයට වූ අසාධාරණයට යුක්තිය ඉල්ලමින් සැරිසරනා හිසසුන් ආත්මයක් …
    අතීත වෙනස්කිරීම තුළින් වර්තමානයේ ඛේදවාචකයක් අවසන් කරන්නට අදිටන් කරගත් පෙම්වතුන් යුවලක්..
    අතීතයත් වර්තමානයත් එකට ගැටුණ කාලාත්‍රයේ සැරූ සිහිනයක්..

  • පිපා ෆිට්ස් - ඇමොයිබ්ගේ ඝාතන ලිපිගොනුව - A Good Girl's Guide to Murder
    15 % OFF

    පිපා ෆිට්ස් – ඇමොයිබ්ගේ ඝාතන ලිපිගොනුව – A Good Girl’s Guide to Murder

    Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

    පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්‍රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.
    නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, ‛සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්‍යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.
    ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද?
    සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද?
    නැතහොත් ප්‍රේමයේ වෙසින් ආ මාරයාද?
    පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්‍යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි?

  • අබිරහස් සබ්මැරීනය - Abirahas Sabmarinaya
    15 % OFF
    Sold out!

    අබිරහස් සබ්මැරීනය – Abirahas Sabmarinaya

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම,
    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
    ලොමුදැහැගන්වනසුලුය!

  • අවකාශ-Awakasha
    10 % OFF

    අවකාශ-Awakasha

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
  • ධවල සියපත්-Dawala Siyapath
    10 % OFF

    ධවල සියපත්-Dawala Siyapath

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • මීදුම් නිම්න-Meedum Nimna
    10 % OFF

    මීදුම් නිම්න-Meedum Nimna

    Original price was: රු950.00.Current price is: රු855.00.
  • හවුස්මේඩ් #2 - ගැරික් නිවහනේ අබිරහස - The Housemaid #2
    15 % OFF

    හවුස්මේඩ් #2 – ගැරික් නිවහනේ අබිරහස – The Housemaid #2

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    “අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”

    මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.

    ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.

    ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.

    ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.

  • අසහාරා - Asahaaraa
    15 % OFF
    Sold out!

    අසහාරා – Asahaaraa

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

    එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

    න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරිරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුණු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයන් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ මිලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

    නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

  • චැරියට් පාත් (Ravan Leo #02) - Chariot Path
    15 % OFF

    චැරියට් පාත් (Ravan Leo #02) – Chariot Path

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    “ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ?” රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ්‍යන්තරයටම කිමිදෙමිනි.
    තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය.
    “සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟත් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද?” ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය.
    “එක. ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්…”
    ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට සිතිණි. හැර තිබූ කවුළුවෙන් ඇදී ආ සිහින් සුළං රැල්ලක් හමායමින් තිබිණි.
    “නැත්නම්..?” ඔහු අදහස් කළ දෙය නොවැටහුණු ඇය ප්‍රතිරාවය කළාය. “නැත්නම්…”

    ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ මාධ්‍යවේදිනියකගේ අබිරහස් ඝාතනයක්…
    ඇයගේ ඝාතකයා හඹා යන පරීක්ෂණ කණ්ඩායම් ත්‍රිත්වයක්…
    විශේෂ විමර්ශන බුද්ධි ඒකකයක් නියෝජනය කරමින් එයට මැදිවන ‛රාවණ් ලියෝ’ගේ රහස් පරීක්ෂණ මෙහෙයුම… චැරියට් පාත්

  • ලිට්ල් ඩාලින්ස් - Little Darlings
    15 % OFF

    ලිට්ල් ඩාලින්ස් – Little Darlings

    Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

    ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

    ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.

    මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

    මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

  • මරුවා සමඟ වාසේ - Maruwa samanga Wase
    15 % OFF
    Sold out!

    මරුවා සමඟ වාසේ – Maruwa samanga Wase

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ලෙයින් වැකි සිතුවමින් යුතු අඳුරු කාමරය තුළ ග්‍රේස් වාඩිගෙන සිටියේ, කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. සියල්ල අනපේක්ෂිත සිදුවීම් වල එකතුවකැයි ඇයට සිතිණ. පිපාසයත්, කුසගින්නත්, බිඳවැටුණු බලාපොරොත්තුත් හේතුකොටගෙන හටගත් දැඩි පශ්චාත්තාපයෙන් මැඩුණු සිතින්, ඇය ජැක් කෙරෙන් පලා යාමත්, ඔහුගේ මරණයත් සැලසුම් කිරීම ආරම්භ කළාය.
    සැබැවින්ම ඔහුව මරා දැමිය යුතුය. බිහිසුණු මරණයකින් තොරව මරා දැමීම ද නොකළ යුතුය.
    මරා දැමීම මතු නොව, තම සොයුරියද ගලවාගනිමින් පලා යාමද සැලසුම් කළ යුතුය.
    ඇගේ සැලසුම කුමක් විය හැකිද?

  • මරකත ඵලකය (#02) - Marakatha Phalakaya
    15 % OFF

    මරකත ඵලකය (#02) – Marakatha Phalakaya

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.

    යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!

    ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණු වල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?

    සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද?

    අමරණීයත්වයේ රහස මොහු සතුද?

    යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය.

    මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත. මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.

  • මැග්පයි මර්ඩර්ස් - Magpie Murders
    15 % OFF

    මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

    Original price was: රු2,450.00.Current price is: රු2,080.00.

    ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?

    ඔව්?

    විශ්වාස කරන්න මිත්‍රයා… එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!

    එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?

    ඇලන් කොන්වේගේ කෘතියක,

    ඔහු ලියූ වැකි පෙළක,

    ළමා කවියක,

    ඔහු ගොඩනැඟූ චරිත සමූහයක,

    ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?

    පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.

    විශ්වාස කරන්න…

    ඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!

  • යක්ෂයා නිදැල්ලේ - Yakshayaa Nidelle
    15 % OFF

    යක්ෂයා නිදැල්ලේ – Yakshayaa Nidelle

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.

    යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.

    වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?

  • එකට එක – Ekata Eka – The Happy Family
    20 % OFF

    එකට එක – Ekata Eka – The Happy Family

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    “මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
    ඒ එදා උදේම මට ආපු ඇමතුම…

    මං මුහුණුපොතට ගියා…

    දෙයියනේ…
    මගේ නිරුවත් පින්තූරයක්…

    ඒත් එක්කම තව ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!

    ඇත්තමයි,

    මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…

    ඒත්…
    ඒ මමමයි.

    මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

  • ද සීක්‍රට්-The Secret
    20 % OFF

    ද සීක්‍රට්-The Secret

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    “තනි උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙත් කටු තියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. තමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ. මල තලන්න එන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තනි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ….”

  • ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence
    20 % OFF

    ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence

    Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

    ඉස්සර මට නමක් තිබුණා.
    ඒ කාලෙ මගේ නම ඇම්බර් රයන්…
    ඒත් දැන් මට තියෙන්නෙ නමක් නෙවෙයි.
    අංකයක්.
    A6868RX…
    ඔව්. මං හිරකාරියක්…
    මං ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට නියමවුණ හිරකාරියක්…
    මං මේ හිර දඩුවම් විදින්නෙ මම කරපු අපරාධයකට නෙවෙයි…
    ඒක වෙන කවුරුවත් කරපු අපරාධයකුත් නෙවෙයි. මාව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණේ කවදාවත්ම සිද්ධ වුණේ නැති අපරාධයකට…
    මං නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මගේ හොදම යෙහෙළිය හෙදර්ට..
    මං වෙනුවෙන් ඒ අපායට… ඒ අන්ධකාරයට ආපහු යන්න සිද්ධ වුණා….

    – – – – – – – – – – – – – – – – – – – – – – – — – – – – – – –

    පොත් සාප්පුවකදි ඔයාගෙ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ නේද?
    පොත් කියන්නෙ මේ ලෝකෙ තියෙන හොදම දේවල් වලින් එකක්නෙ. ඉතින් සමහරවිට, පොත් කියවන එකෙන් නම් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්.

    ඒත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්නෙ.

    මං මේ කියන්නෙ, ඔයා පොත් සාප්පුවක, ඔයාගෙ ප්‍රියතම කතුවරුන්ගෙන් කෙනෙකුගෙ කතාවකට ඇහුම්කන් දිදී ඉන්න වෙලාවෙදි,

    ඔයාගෙ එහාපැත්තෙ ඉදගෙන හිටපු ආගන්තුකයෙක් ඔයාගෙ ජීවිතේට බෝම්බයක් ගහයි කියලා කවුද හිතන්නෙ? ඒ බෝම්බෙන් ඔයාගෙ ආරක්ෂිත පුංචි ලෝකෙ කෑලි කෑලි වලට කැඩිලා යයි කියලා කවුද හිතන්නෙ?

    එහෙම කෙනෙක් ඔයාගෙ අත්බෑග් එක හොරකම් කරයි කියලාවත් ඔයා හිතන්නෙ නෑ නේද?

    ඒත්, මං දැන් ඕනවට වැඩිය ඉස්සරහට පනිනව වගේ. ඉතින් අපි මුල ඉදන්ම කතාව පටන් ගනිමුකො.

    මගේ නම හෙදර් හැරිස්. මං බටහිර ලන්ඩනයෙ, චිස්වික් වල තියෙන හරිම ලස්සන සාප්පුවක, පොත් වෙළදාම් කරන කෙනෙක්.

    ඒත් අද බදාදා දවසක්නෙ. අද මගේ නිවාඩු දවස් වලින් එකක්. ඉතින් මං උමං දුම්රියෙ නැගලා, තේම්ස් ගග පහුකරගෙන, හැතැම්ම කීපයක් දුරින් තියෙන රිච්මන්ඩ් වලට ආවා.

    අවුරුදු ගාණක ඉදන්, මං අපරාධ සම්බන්ධ නවකතා ලියන ලිඩියා කෝර්නිෂ්ගෙ රසිකාවියක්නෙ. ඉතින් “Words on the Street“ සාප්පුවෙදි එයාගෙ කතාවක් පැවැත්වෙන බවත්, එතනදි එයා පොත් වල සමරු සටහන් තියන බවත් මට දැනගන්න ලැබුණා.

    ඒක හයිස්ට්‍රීට් වල තියෙන විශාල පොත් සාප්පුවක්. මට ඒක මගඇරෙන්න දෙන්න පුළුවන්කමක් නැති බව මං දැනගෙන හිටියා.

    මට නිවාඩු තියෙන දවසකට මෙහෙම දෙයක් තිබුණොත් මං අනිවාර්යෙන්ම ඒකට යනවාමයි.

    “ඒක නම් ඕනවට වැඩි බැදීමක්“ කියලා මගේ යාළුවො ඇස් කරකවලා, මට නෑහෙන ගාණට කතාවෙන බව මං දන්නව.

  • දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya
    20 % OFF
    Sold out!

    දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya

    Original price was: රු2,050.00.Current price is: රු1,640.00.

    මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

    ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

    ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න

    පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න

    මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…

    අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.

    ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.

    ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

  • දේව අසිපත - Dewa Asipatha
    15 % OFF
    Sold out!

    දේව අසිපත – Dewa Asipatha

    Original price was: රු1,750.00.Current price is: රු1,487.50.

    විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?

    දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?

    සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?

    ඔවුන්ට එය සොයාගත හැකි වේද?

    තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?

    මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?

  • රොක් පේපර් සිසර්ස් - Rock Paper Scissors
    15 % OFF
    Sold out!

    රොක් පේපර් සිසර්ස් – Rock Paper Scissors

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
    එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
    එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
    මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි.

  • මරකත නිම්නය - Marakatha Nimnaya
    15 % OFF

    මරකත නිම්නය – Marakatha Nimnaya

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වා ගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්,ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය.නමුදු, ඒ හෝඩුවා යොමු වන්නේ රිවර් හිල් කඳුකරය වෙතයි.යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද ?

    සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවා ගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ.කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වාභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමුවේ මේ මරකත පරීක්‍ෂණයේ අවසානයයි.

  • සිතුවමක රැඳි රහසක්-Sithuwamaka Rendi Rahasak
    15 % OFF

    සිතුවමක රැඳි රහසක්-Sithuwamaka Rendi Rahasak

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.

    මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.

    එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!

    ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.

    මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?

  • අසු පිට නැගි යක්ෂයා-Asu Pita Negi Yakshaya
    15 % OFF

    අසු පිට නැගි යක්ෂයා-Asu Pita Negi Yakshaya

    Original price was: රු1,750.00.Current price is: රු1,487.00.

    යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි.
    ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි.
    ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප‍්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය.
    නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප‍්‍රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක‍්‍රමය ඈ බිය ගැන්වීය.
    සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතටවත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද?
    ඔහුගේ අවජාතක පුත‍්‍රයා ඉට්යෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ කුමක් හෙයින්ද?
    ගොවි පවුලකට දාව උපන් නමුත් මන්දිරයේ හැදී වැඩුණු ලියෝන් සඟවා ගෙන සිටි රහස කුමක්ද?
    එ් සියල්ලටම වඩා ඈ බිය ගැන්වූයේ යක්ෂයා සම්බන්ධයෙන් වූ ප‍්‍රදේශ වාසීන්ගේ කසු කුසු ගෑම්ය.

  • මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) - Map of Bones (Sigma Force, #2)
    15 % OFF

    මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) – Map of Bones (Sigma Force, #2)

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

    වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

  • දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) - Disparue
    14 % OFF

    දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) – Disparue

    Original price was: රු1,750.00.Current price is: රු1,500.00.

    2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

    දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?