SHOP
  • තුඹසක විලාපය-Thumbasaka Vilapaya
    15 % OFF

    තුඹසක විලාපය-Thumbasaka Vilapaya

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

    තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි.

    තුඹසක විලාපය නවකතාව මගේ අතීත සිතූවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා තබන සාක්ෂි සටහනයි.

  • නේත්‍රා-Nethra
    15 % OFF

    නේත්‍රා-Nethra

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,

    සියලු අවධීන්ගෙන් වචන තම

    මෙහෙයට කැඳවන කතුවරයා

    එමගින් සිංහල භාෂාවේ කාල

    අවකාශ මානයන් දිග් විජය කරයි.

    ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,

    භාරතීය අලංකාරවාදීන්ගේ,

    ධ්වනිවාදීන්ගේ යෙදුම්,

    පද සංඝටන සිහි ගැන්වීමට සමත්

    අපූර්ව භාෂා විලාසයක්

    නේත්‍රා තුළ දැකිය හැකි ය

    කේ. කේ. සමන් කුමාර

  • මගේ කුලුඳුල් පෙම්වතිය-Mage Kuludul Pemwathiya
    15 % OFF

    මගේ කුලුඳුල් පෙම්වතිය-Mage Kuludul Pemwathiya

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

    දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන

    – උපුල් ශාන්ත සන්නස්ගල

  • කොළපාට ඇස් - Kola Pata As
    15 % OFF

    කොළපාට ඇස් – Kola Pata As

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.