SHOP
  • දෙබිඩි-Debidi
    20 % OFF
    Sold out!

    දෙබිඩි-Debidi

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත්‍රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ. ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි. “උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා….’ ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතුව ආවේය. ඒ ගැහැණු රුවකි. ක්‍රමයෙන් විශාලව ගිය එකී රුව ගඟුල් දෙසට දෝත විහිදුවමින් විලාප දෙන්නට පටන් ගත්තේය. “මට වෙච්ච අසාධාරණේට මට පලිගන්න ඕනේ..මට යුක්තිය ඕනේ.” හඬමින්, ගඟුල්ගේ ගෙල මිරිකන්නට උත්සාහ කරමින්, අර රූපය කෑගෑවේය. ගඟුල් දෙනෙත් ඇරියේ බියෙන් වෙව්ලමිනි. වරින්වර තමාට පෙනෙන මේ සිදුවීම් මොනවාද?. මේ කිසිවක් තමාගේ ජීවිතයට සම්බන්ධ ඒවා නොවන බව ඔහුට විශ්වාසය. මේ අද්භූත සිදුවීම් සියල්ල ආරම්භ වූයේ ඒ අවාසනාවන්ත රිය අනතුරෙන් පසුව බව ඔහුට මතකය.

  • තුන්තරා-Thunthara
    20 % OFF
    Sold out!

    තුන්තරා-Thunthara

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    අදුරු ගුහාකුහරය තුළින් මම තවතවත් ඉදිරියට ඇදීයමින් උන්නෙමි. සිදුවූ දෙය දරා ගන්නට මට ශක්තියක් නොවිණ. වටකර තිබූ ගනකළුවර තුනීවෙමින් පොළව මන සිදුවන දෙය මට පෙනෙන්නට පටන්ගත්තේය.

    මගේ අම්මා කටුමැටි කුස්සියේ දොරකඩ දෙදණ මත මුහුණ හොවා ඉකිබිඳිමින් උන්නාය. ඇය අසළ ඇගේ දෙමාපියන් ඇයව අස්වසන්නට උත්සාහ දරමින් උන්නෝය.

    සියල්ලන්ට වඩා වේදනාවක් වූයේ මා සතුය. මන්ද සියල්ල අහිමිවූයේ මටය. මේ අවාසනාවන්ත දෙය සිදු නොවී මා රැතගන්නට මගේ අම්මා උපරිම උත්සාහයක් දැරුවාය.

    “අම්මේ… අනේ අඬන්න එපා…”

    “තවත් ඉවසිය නොහැකි තැන මම අම්මාට ළංව කීවෙමි. ඇය වටේ පාවෙමින් ඇයව සනසන්නට උත්සාහ කළෙමි. එහෙත් ඇයට මා පෙනුණේවත්, මගේ හඬ ඇහුනේවත් නැත. සිදුවූයේ මේ ආත්මයේ යළි කිසිදාක නිවරදි කළ නොහැකි වරදක් බව මට වැටහුණේ දැන්ය. එහෙත් මේ වරද සසරේ කෙසේ හෝ නිවරදි කරගන්නා බළාපොරොත්තුව මට තිබිණි. ඒත් ඒ කෙසේද?.