Showing all 5 resultsSorted by latest


ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.
ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.
මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.
මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.
එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!
ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.
මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?

සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති.
දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති. ඔබ විශ්වාස කරන්නේ කවුරුන්ද?
ඇලෙක්සැන්ඩ්‍රා ඇවෙලිනෝ,
තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ්‍රා විශ්වාස කරන්නීය.
සොෆියා ඇවෙලිනෝ,
තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවිමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදු කළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වී අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය.
කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය; එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ නඩු විභාගයක්.
නමුත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බොරුකාරියකි. ඔවුන්ගෙන් එක් අයෙකු සැබෑම මිනීමරුවාය.
සිරමැදිරියක වාඩිවි, ඝාතනය සම්බන්ධයෙන් තම සහෝදරිය සමඟ නඩු විභාගයකට සූදානම්ව සිටින ඇය කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බව ඔබ සිතනු ඇත.

ඔවුහු හොලිවුඩයේ බලවත්ම නළු-නිළි යුවලක් වූහ.
දැන් ඔවුන්ගෙන් එක් අයෙක් මියගොසිනි.
හොලිවුඩ් නළු රොබට් සොලමන්ට තමාගේ රූමත් බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇත.
මෙය සියවසේ නඩු විභාගයයි.
සියලුම සාක්ෂි යොමුවන්නේ රොබට් සොලමන් වරදකරු වන ලෙසය.
නමුත් නඩු විභාගය ඇරඹෙන විටම විත්තියේ නීතිඥ එඩී ෆ්ලින්ගේ මනස තුළ මැවෙන, නොගැළපෙන සිදුවීම් මාලාවක් තුළින් ඝාතකයා පිළිබඳ සැකයන් මතුවෙමින් තිබේ.
අධිකරණ ශාලාව තුළ එක් නළුවෙක්ට වඩා සිටී නම්?