හද වෙණ සත්සර-Hada Wena Sathsara
Original price was: රු990.00.රු693.00Current price is: රු693.00.අවසානයේදී ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහි වූයේ දහවල සිට තිබූ මත්බර ිනහව නොව, සුන්දර හා හෘදයාංගම සිනහවකි. ඔහුගේ සුසුම් රළ ඇගේ නළල මත පතිත විය. “ඉස්සෙල්ලා මං විහිළුවක් කළේ. ඔයා රතු වෙනකොට නෙළුම් මලක් වාගේ…….” දෙවියනේ …..! “අද ඔය ඇඳුමට හරිම ලස්සනයි. ඇත්තමයි….” ඇය සිනාසුණාය.ඔහුද සිනාසුණේය. අමන්දිගේ සිතුවිලි අතරින් ඒ මොහොතේදී එතැන සිටි අනෙක් සියල්ලන්ම අතුරුදන් විය. ඇයද ඔහුද මින්දද හී සර පතිත් වන ඈත මිහිදුමෙන් වැසුණු කඳු මුදුනකට පාව ගියහ. ඈ ඔහු දෙසද, ඔහු ඈ දෙසද නෙතු යොමාගත් වනම ඒ ඇසෙමින් තිබූ සුමියුරු ළයාන්විත රිද්මයට නර්තනයේ යෙදුණෝය. එය ඔවුනටම අයත් ලෝකයක් විය. ඔවුනටම පමණක් අයත් ලෝකයක් විය. ඔහු ඔහුගේ කොන්දේසිය අමතක කර දමන්නට තීරණය කර ඇතුවා වන්නට ඇත. මෙවන් දෑ පවසන්නේ එනිසා විය යුතුය. තම හදවත එවන් රිද්මයකින් ස්පන්දනය වනු ඇයට ඉන් පෙර කිසිදා දැනී තිබුණෙ නැත. එක්වරම ඔවුන් දෙදෙනා මධ්‍යයට මහා අකුණක් පතිත විය !

