SHOP
  • ආයුබෝවන් නිහැඬියාව - Ayubowan Nihadiyawa
    10 % OFF

    ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    “ආයුබෝවන් නිහැඬියාව” ( දිගු කෙටි කතා සංග්‍රහය ) හය වසකට පසුව දෙවන මුද්‍රණය මියුසස් වෙතින්. 01. රම්‍ය ආදරය 02. සාම මාවතේ බැල්ල 03. සෝඩා එපා..! 04. ආයුබෝවන් නිහැඬියාව 05. භීම සමයේ උදෑසනක්

  • දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) - Disparue
    14 % OFF

    දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) – Disparue

    Original price was: රු1,750.00.Current price is: රු1,500.00.

    2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

    දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?

  • ජීවිතයෙන් මාස හයක්-Jeewithayen Masa Haya
    10 % OFF

    ජීවිතයෙන් මාස හයක්-Jeewithayen Masa Haya

    Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

    “ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
    සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ‘ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
    “බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. “ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.
    ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා’ යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.
    “මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.
    ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. “මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“

  • D
    10 % OFF
    Sold out!

    D

    Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

    එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
    මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
    එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
    මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

  • සේන්ගඟේ රැළිත් එක්ක - Sain gange Relith Ekka
    10 % OFF
    Sold out!

    සේන්ගඟේ රැළිත් එක්ක – Sain gange Relith Ekka

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • ප්‍රියා සමග ඉරිදාවක් - Priya Samaga Iridavak
    10 % OFF
    Sold out!

    ප්‍රියා සමග ඉරිදාවක් – Priya Samaga Iridavak

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • රෝස මාලිගාවේ මනුසත්තු - Rosa Maligawe Manusaththu
    10 % OFF
    Sold out!

    රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • දෙවැනි ගැහැනිය - Deweni Geheniya
    10 % OFF

    දෙවැනි ගැහැනිය – Deweni Geheniya

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

    “මම යනවා.” ඇගේ සැමියා කීවේය.

    මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

    ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

    තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

    අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

    මේ, ඒ කතාවයි…

  • බියුරෝ - Bureau
    15 % OFF

    බියුරෝ – Bureau

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.

    “මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • 12.12.12
    15 % OFF

    12.12.12

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.මංජුල සේනාරත්න – Manjula Senaratne