Showing all 6 resultsSorted by latest


දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි – එක් සංකේත නාමයකි.
කැමීලියා.
ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?

සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප්‍රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය.
එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය.
සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි.
පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ විට මේ සියල්ල උඩුයටිකුරු වී යන්නට ගතවන්නේ එක් නිමේෂයකි.
මෙකී ඝාතනයට සැකපිට ඇඩම් මෝර්ගන්ව අත්අඩංගුවට ගනු ලැබූ පසු, සාරා මෝර්ගන්ට සිය ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක නඩුවට සැරසෙනු හැරෙන්නට වෙන විකල්පයක් නොවිණ.
ඇඩම් මෝර්ගන්… කෙලී සමර්ස්ට රහසින් පෙම් කළ බවට, ඇය සිය අනියම් පෙම්වතිය කරගත් බවට වරදකරුද? ඔව්!
එහෙත් ප්‍රශ්නය එතෙකින් නිමා නොවේ.
ප්‍රශ්නය… ඇඩම් මෝර්ගන්, කෙලී සමර්ස්ව මරාදැමුවාද?

‘මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන්‍ය කලා නිර්මාණයක් ප්‍රදර්ශනයකදී හමුවේ!’
සුප්‍රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරිකරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් විය.
වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග්‍රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත්‍රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද?
වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම සිදුවීම් පෙළේ සාමාජිකයෙකු බවට පත්විය හැකිව තිබිණි!

විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි.

කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.
එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.
ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?
ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?
මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?
ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?
රූපවාහිනී කතා මාලාවකට පවා පාදක වුණු, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්මෝ ගමාෂ් කතා මාලාවේ පළමු කොටසයි මේ..