SHOP
  • සත්දෙනෙක් නම් රහසක්-Sath Denek Nam Rahasak
    20 % OFF
    Sold out!

    සත්දෙනෙක් නම් රහසක්-Sath Denek Nam Rahasak

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    “රහස්! මම සෑමතැනම රහස් සොයමින් සිටියෙමි.”
    ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරීකා හාපර්ස් ග්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී, ඕ සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ පෙර ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු නංගි ෆ්ලෝරා වැනි හාපර්ස් ග්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
    එසේ වූවද, ෆ්‍රෙඩරීකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුම හමුවේ විනාශ විය. ක්‍රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙන ඇය අතීත සහ වත්මන් රහස්වල අවතාරයක් සිය බියජනක සෙවණැල්ලෙන් ඇගේ හදවත අඳුරු කරන, අමුතු ලොවක තවත් ගැඹුරට ගමන් කළාය.
    ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදු වූයේ කවර අචින්ත්‍ය ඛේදවාචකයක්ද? මක් නිසාද යත්, අවසානයේ, ප්‍රේමයට සහ සත්‍යයට ජය ගත හැකි වූයේ මුනිවතෙහි කුමන්ත්‍රණය බිඳ දැමූ පසු පමණකි.