SHOP
  • අසහාරා - Asahaaraa
    15 % OFF
    Sold out!

    අසහාරා – Asahaaraa

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

    එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

    න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරිරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුණු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයන් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ මිලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

    නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

  • පළිඟු හිස්කබල - Paligu Hiskabala
    15 % OFF

    පළිඟු හිස්කබල – Paligu Hiskabala

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ඒ 1957 වර්ෂය විය.

    එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.

    ඉතා රූමත් මෙන්ම අති භයානක වූ ද, කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා මෙන්ම ඉතා බලසම්පන්න වන කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුකම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන්, ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවාගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයෙකු සිය සහායකයා කරගන්නා හෙතෙම කෲර රුසියානුවන් සමග සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විශ්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.

  • Deep Fathom-ඩීප් ෆැතම්
    15 % OFF

    Deep Fathom-ඩීප් ෆැතම්

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:

    මහපොළොව ගිනිගනිමින් තිබේ!
    සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.

    අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.

    ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

  • 1932 (Under the Shades of Himalayas) - 1932
    15 % OFF

    1932 (Under the Shades of Himalayas) – 1932

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…

    බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…

    ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…

    යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.

    ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.

    බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?

    ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?

    සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?

    ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?

    ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

  • ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya
    15 % OFF
    Sold out!

    ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.
  • 1925 Once Upon A Time In Ceylon
    15 % OFF
    Sold out!

    1925 Once Upon A Time In Ceylon

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    Imesh Madusanka Yapa