SHOP
  • මිසර අප්සරා-Misara Apsara
    30 % OFF

    මිසර අප්සරා-Misara Apsara

    Original price was: රු1,650.00.Current price is: රු1,155.00.

    වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලතවෙමින් ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි.
    “අහගන්න මගේ ආදරණීය දරුවා… ඇගේ පියා වූ වර්ථමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියාව මරා දැමූ ඒ ද්‍රෝහි රුධිරය. හැගීම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා”
    ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පලිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කල දයාබර නෙෆ්රූ ය. එහෙත් එය කෙසේ කරම්ද?
    ආදරයද…? පළිගැනීමද…?
    ඔහු මෙම හැගීම් දෙක අතර සිරව ගියේය.