මහාමේරු-Mahameru
Original price was: රු1,550.00.රු1,240.00Current price is: රු1,240.00.මල් බඳ පැළී අංකුරයක දළු ඒම
මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම
තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම
අවසන් උනේ මවකගෙ හද දෙදරීම..
පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු
මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ
නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ
මව් හදවතත් සසැලේවී මහාමෙරූ…
ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ
මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ
පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ
මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..


